Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 11:30 - සිංහල කාලීන පරිවර්තනය

30 කලක් දෙවියන්වහන්සේට අකීකරුව සිටි ඔබ, ඔවුන්ගේ අකීකරුවීම හේතුවෙන් දැන් දයාව ලැබූ අයුරින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 විජාතීන් වන ඔබ යටගිය දවස, දෙවියන් වහන්සේට අකීකරු ව සිටි නමුත්, ජුදෙව්වරුන්ගේ අකීකරුකම නිසා දැන් ඔබ කරුණාව ලබා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 මක්නිසාද පසුගිය කාලයෙහිදී නුඹලා දෙවියන්වහන්සේට අකීකරුව සිට, ඔවුන්ගේ අකීකරුකම නිසා දැන් යම්සේ කරුණාව ලැබුවහුද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:30
14 හුවමාරු යොමු  

කලින් ඔබත් ඒවා තුළ දිවි ගෙව්වේ, එම දෑහි ගැලෙමිනි.


දැන්, කන්‍යාවන් පිළිබඳව: මේ සම්බන්ධ අණක් ස්වාමින්වහන්සේගෙන් මට ලැබී නැත. එහෙත්, ස්වාමින්වහන්සේගේ දයාව හේතු කොට විශ්වාසය දිනූ කෙනකු වශයෙන් මම මගේ තීරණය දන්වමි.


එබැවින් මේ සේවය අපට දෙවියන්වහන්සේගේ දයාවෙන් ලැබී ඇති නිසා, අප අධෛර්යය වන්නේ නැත.


ඔවුන් ද දැන් අකීකරුකමෙහි සිටින්නේ, ඔබ ලද දයාව මඟින් දැන් ඔවුන් ද දයාව ලබන පිණිස ය.


වරක් ඔබ ජනතාවක්ව සිටියේ නැත. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේගේ ජනතාව ය. වරක් ඔබ දයාව ලද්දේ නැත. එහෙත් දැන් ඔබ දයාව ලැබ සිටිති.


තිමෝති මා දරුව, වරක් ඔබ ගැන පැවසුණු දිවැසි වැකිවලට අනුකූලව මේ අණ මා ඔබට දෙන්නේ, ඒ අනුව යමින්, යහපත් යුද්ධයේ සටන් වැදීම පිණිස ය.


මන්ද දෙවියන්වහන්සේගේ දීමනා හා උන්වහන්සේගේ කැඳවීම අවලංගු කළ නො හැකි ය.


උන්වහන්සේගේ දයාව නිසා අන්‍ය-ජාතීන් දෙවියන්වහන්සේට තේජෝ මහිමය දෙන පිණිසත් ය; ඒ ගැන ලියා ඇති පරිදි මෙසේ ය: “එබැවින් අන්‍ය-ජාතීන් අතර මම ඔබ පසසමි, ඔබගේ නාමයට ගී ගයන්නෙමි.”


තමන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන්නේ නැතැයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූවන්ට මිස වෙන කවුරුන්ට ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්