මළවුන් නැවත නැගිටීම ගැන කියනවා නම්, මෝසෙස්ගේ පොතේ, දැවෙන පඳුර පිළිබඳ කොටසේ, දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ යැ’ යි පැවසූ වග ඔබ කියවා නැද්ද?
රෝම 11:2 - සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේ තමන් පෙර-දැන සිටි තම ජනයා අත් නො හළ සේක. එලියා ගැන ශුද්ධ ලියවිල්ලේ කියන දේ, ඔහු ඉශ්‍රායෙල්ට එරෙහිව දෙවියන්වහන්සේට ආයාචනා කළ හැටි, ඔබ දන්නේ නැති ද? Sinhala New Revised Version දෙවියන් වහන්සේ ආදියේ දී තෝරාගත් සිය සෙනඟ අත් නොහළ සේක. ශුද්ධ ලියවිල්ලේ එලියා ගැන ලියා තිබෙන පරිදි ඔහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේට චෝදනා කළ සැටි ඔබ දන්නවා නොවේ ද? Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ ආදියේ දී තෝරාගත් සිය සෙනඟ අත් නොහළ සේක. ශුද්ධ ලියවිල්ලේ එලියා ගැන ලියා තිබෙන පරිදි ඔහු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව දෙවියන් වහන්සේට චෝදනා කළ සැටි ඔබ දන්නවා නොවේ ද? Sinhala Revised Old Version දෙවියන්වහන්සේ පෙර ඇඳිනගත් තමන්ගේ සෙනඟ අත්හැර නොදැමූසේක. නොහොත් ලියවිල්ල එලියා ගැන කුමක් කියන්නේද කියා දන්නේ නැද්ද? ඔහු ඉශ්‍රායෙල්ට විරුද්ධව දෙවියන්වහන්සේට කාරණා කියමින්: |
මළවුන් නැවත නැගිටීම ගැන කියනවා නම්, මෝසෙස්ගේ පොතේ, දැවෙන පඳුර පිළිබඳ කොටසේ, දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන්වහන්සේ ය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ යැ’ යි පැවසූ වග ඔබ කියවා නැද්ද?
යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව යොර්දාන් වෙතින් ආපසු පැමිණ, ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් පාළුකරයේ ගෙන යනු ලැබ,
එකල ඈ, “මහත්මයා, කෝ! දිය අදින්නට කිසිවක් ඔබට නැහැ; ළිඳත් ගැඹුරුයි; ඒ ජීවන දිය ඔබ ලබා ගන්නේ කොහෙන් ද?
අන්‍ය-ජාතීහු ඒ ඇසූ කල, ස්වාමින්වහන්සේගේ වචනයෙහි ප්‍රමෝද වීමටත්, ඊට ගෞරව මහිම දීමටත් වන්හ. සදාතන ජීවනයට තෝරාගනු ලැබූ සියල්ලෝ අදහා ගත්තෝ ය.
ඔවුහු ආරොන්ට කතා කොට, ‘අපේ පෙරමුණ ගැනීමට දෙවිවරුන් සාදන්න. ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ ඒ මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ’ යි කීහ.
යමකුට වහලුන් සේ අවනත වීමට ඔබ ඉදිරිපත් වේ නම්, එය මරණයට ගෙන යන පාපය හෝ ධර්මිෂ්ඨකමට ගෙන යන කීකරුකමට හෝ එසේ අවනත වන දේට, ඔබ වහලකු වන බව දන්නේ නැති ද?
එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය.
එහෙත් දෙවියන්වහන්සේගේ වචනය අසමත් වූවා සේ පෙනෙනවා නො වේ; ඉශ්‍රායෙල් වෙතින් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් නො වේ.
ශුද්ධවතුන් ලෝකය විනිශ්චය කරන වග ඔබ දන්නේ නැති ද? ලෝකය විනිශ්චය කරන්නට සිටින ඔබට මේ සුළු ආරවුලක් විසඳීමේ සුදුසුකමක් නැති ද?
තවදුරටත් මේ ශරීරයේ මගේ විසීම පලදායි සේවයකට හේතුවනු ඇත. එහෙත් මා තෝරා ගත යුත්තේ කුමක් ද? මා දන්නේ නැත.
ඈත අතීතයේ බොහෝ අවස්ථාවල, නොයෙක් මාර්ගවලින් දෙවියන්වහන්සේ දිවැසිවරුන් මඟින් අපේ පියවරුනට කතා කළ සේක.
ආත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීම සඳහා ද උන්වහන්සේගේ ලේ ඉසිනු ලැබීම සඳහා ද පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව, තෝරාගනු ලැබූවන් වෙතයි: අනුග්‍රහයත්, සාමයත් ඔබට බෝ වේවා!