රෝම 10:20 - සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු යෙසායා නිර්භයව කතා කරමින්, “මා නො සෙවූ අය විසින් මා සොයාගෙන ඇත; මා ගැන නො විමසූ අයට මම එළිදරවු වීමි” යි පවසයි. Sinhala New Revised Version තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි. Sinhala New Revised Version 2018 තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි. Sinhala Revised Old Version ඇරත් යෙසායා ඉතා නිර්භීතව කථාකරමින්: මා නොසෙවුවන්ට සම්බවීමි; මා ගැන විභාග නොකළවුන්ට ප්‍රකාශවීමියි කියයි. |
“එවිට හාම්පුතා, ‘මහ මාවත් දිගේත්, දෙවට පාර දිගේත් ගොස්, මගේ නිවස පිරෙන්නට මිනිසුන් කැඳවාගෙන එන්නැයි සේවකයාට කීවා.
මන්ද දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම නො දන්නාකමින්, තම ධර්මිෂ්ඨකම පිහිටුවීමට සෙවූ ඔවුහු, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නො වූහ.
එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මඟින් ලැබෙන ධර්මිෂ්ඨකම ය.
එහෙත් දහම් නීතියකින් එන ධර්මිෂ්ඨකම හඹා ගිය ඉශ්‍රායෙල්, ඒ නීතියට ළං වීමට අපොහොසත් වූහ.