ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 10:16 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත් ඔවුන් සියලු දෙනා ශුභාරංචියට කීකරු වූයේ නැත. මන්ද යෙසායා කතා කරමින්, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු දැ?” යි පවසයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් ඔවුන් සියල්ලම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි.

පරිච්ඡේදය බලන්න



රෝම 10:16
21 හුවමාරු යොමු  

ඔවුන් ගැන යෙසායාගේ මෙම අනාවැකිය ඉටු වෙයි: “ ‘නිබඳව ඔබ අසන නමුදු කිසි විටෙක වටහා ගන්නේ නැත; නිබඳව ඔබ දකින නමුදු කිසි විටෙක තේරුම් ගන්නේ නැත.


එහෙත් ඔබ විශ්වාස නො කරන්නේ ඔබ මගේ රැළේ බැටළුවන් නො වන නිසයි.


ඔහු කී දෑවලින් ඇතමුන් ඒත්තු ගැන්විණි; එහෙත් සෙසු අය විශ්වාස කළේ නැත.


උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය.


එහෙත් අතු සමහරක් කඩා දමනු ලදුව, වල් ඔලීව රිකිල්ලක් වන ඔබ අනෙක් අතු අතරේ ගසට බද්ධ කරනු ලැබ, ඔබ ඒ ඔලීව මුලේ පෝෂණ සාරයට කොටස්කරුවකු වී නම්,


ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මඟින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ


එහෙත් ආත්මාර්ථයෙන් යුතුව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ.


ඇතමකු අවිශ්වාසවන්ත වූවා නම් කිමෙක් ද? ඔවුන්ගේ විශ්වාසය නොමැතිකමින් දෙවියන්වහන්සේගේ විශ්වාසී භාවය අහෝසි වේ ද?


එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා, කලක් පාපයේ වහලුන්ව සිටි ඔබ, දැන් ඔබට බාර දෙන ලද ඉගැන්වීම් පිළිවෙතට හදවතින්ම අවනතව,


අහෝ අඥාන ගලාතිවරුනි! ඇස් බැන්දුමකින් ඔබ මුළා කළේ කවුරු ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසිපත් කරනු ලැබීම ප්‍රසිද්ධියේ ඔබේ ඇස් පනා පිට දක්වනු ලැබී ය.


ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද?


එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක.


ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරුව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක්ව ලැබෙන ස්ථානය බලා පිටත්ව ගියේ ඇදහිල්ලෙනි.


මන්ද ඔවුනට මෙන්ම අපට ද ශුභාරංචිය පැමිණ තිබේ. එහෙත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නො වූ බැවින්, ඇසූ පුවතින් ඔවුනට සෙතක් වූයේ නැත.


තවද සම්පූර්ණත්වයට පත් කරනු ලැබ, උන්වහන්සේ තමන්ට කීකරු වන සියල්ලනට සදාතන ගැලවීමේ උල්පත බවට පත් වූයේ,


සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරුවීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කරගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගීව එකිනෙකාට ප්‍රේම කරන්න.


තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරුව පැකිළෙති. ඒ, ඔවුනට නියමව ඇති පරිදි ය.


භාර්යාවනි, ඒ අයුරින් ඔබත් ඔබගේ ස්වාමි පුරුෂයනට යටත් වන්න, එවිට වචනයට කීකරු නො වන කෙනකු වචනයෙන් තොරව, ඔවුන්ගේ භාර්යාවන්ගේ හැසිරීම තුළින් ඔවුන් දිනාගත හැක්කේ,