මේ පරදාරික, පාපිෂ්ඨ පරම්පරාවේ යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් ද තම පියාණන්ගේ තේජසින් ද, තම ශුද්ධ දේව දූතයින් ද සමඟ එන කල, ඒ තැනැත්තා ගැන ලජ්ජා වනු ඇතැ” යි පැවසූ සේක.
රෝම 1:16 - සිංහල කාලීන පරිවර්තනය මන්ද ශුභාරංචිය ගැන මා ලජ්ජා වන්නේ නැත. මන්ද පළමු කොට යුදෙව්වාට ද එසේම ග්‍රීකයාට ද යන අදහන්නා වූ සියල්ලන්ට ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ බලය එය බැවිනි. Sinhala New Revised Version මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි. Sinhala New Revised Version 2018 මම සුබ අස්න ගැන කිසිසේත් ලජ්ජා නොවෙමි. මන්ද, අදහාගන්නා සියල්ලන්ට, පළමුකොට ජුදෙව්වරුන්ට ද, දෙවනු ව ග්‍රීකයන්ට ද එය ගැළවීම සලසන දෙවියන් වහන්සේගේ බලය වන හෙයිනි. Sinhala Revised Old Version මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය. |
මේ පරදාරික, පාපිෂ්ඨ පරම්පරාවේ යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් ද තම පියාණන්ගේ තේජසින් ද, තම ශුද්ධ දේව දූතයින් ද සමඟ එන කල, ඒ තැනැත්තා ගැන ලජ්ජා වනු ඇතැ” යි පැවසූ සේක.
යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් තමන්ගේ තේජසින් ද පියාණන්වහන්සේගේ හා ශුද්ධ වූ දේව දූතයින්ගේ තේජසින් ද යුක්තව එන කල, ඒ තැනැත්තා ගැනත් ලජ්ජා වනු ඇත.
යුදෙව්වෝ එකිනෙකාට කතා කරමින්, “මේ මිනිසා සිතා සිටින්නේ අපට සොයාගන්නට බැරි ලෙස කොහේ යන්නට ද? ග්‍රීක්වරුන් අතර විසිරවනු ලැබූවන් වෙත ගොස්, ග්‍රීකවරුන්ට උගන්වන්නට අදහස් කරනවා ද?
දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින්ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකුම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.
අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි.
නපුර කරන හැම මනුෂ්‍යයකුටම, පළමු කොට යුදෙව්වාට ද එසේම ග්‍රීකයාට ද පීඩා හා විපත් පැමිණේ.
ඔහු චර්මඡේද ලකුණ ලද්දේ, ඔහු තවමත් චර්මඡේද නො වී සිටියදී, ඇදහිල්ල මඟින් ලද ධර්මිෂ්ඨකමේ මුද්‍රාවක් වශයෙනි. එහි අරමුණ, චර්මඡේද වීමෙන් තොරව, විශ්වාස කරන සියල්ලන් ධර්මිෂ්ඨයින් වශයෙන් ගණන් ගැනෙන පිණිස, ඔහු ඔවුන්ගේ පියාණන් බවට පත් වීමටත්,
ඒ මඟින් ඔබ ගැලවීම ලබන්නේ ද මා ඔබට පැවසූ වචනය ඔබ තරකොට අල්ලා ගතහොත් ය. නැතහොත් ඔබ විශ්වාස කර ඇත්තේ නිෂ්ඵලව ය.
මන්ද ඔබ අතර සිටියදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේත්, උන්වහන්සේ කුරුසිපත් වීමත් මිස, අන් කිසිවක් නො දැන සිටින්නට මම තීරණ කර සිටියෙමි.
මගේ කතාව හා මගේ පණිවුඩ, ප්‍රඥාවේ සිත් පොලඹවන වචනවලින් නො ව, ආත්මයාණන්ගේ හා බලයේ ක්‍රියාකාරී සාධක මඟින් ප්‍රකාශ වූවේ,
ඔබගෙන් මේ අයිතියට වෙනත් අය පංගුකාර වේ නම්, ඊට වඩා වැඩි අයිතියක් අපට නැති ද? කෙසේ වෙතත්, අප ඒ අයිතියෙන් ප්‍රයෝජන ගත්තේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට බාධකයක් වීමට වඩා, හැම දෙයක්ම අපි විඳ දරා ගන්නෙමු.
එසේ නම් මාගේ ත්‍යාගය කුමක් ද? ඒ මා දේශනා කරන ශුභාරංචිය තුළ මට හිමි අයිතිය මුළුමනින්ම ප්‍රයෝජනයට නො ගෙන, අය කිරීමක් නැතිව ශුභාරංචිය පිළිගැන්වීමයි.
ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරන්නට මා ත්‍රෝවසට ආ කල, ස්වාමින්වහන්සේ තුළ එහි මට දොරක් විවරව තිබුණ ද,
එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.
ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රායෝගිකව පිළිගැනීම සමඟ ආ ඔබගේ අවනත භාවය හා ඔවුන්ටත්, අන් සියල්ලන්ටත් ඔබ පිරිනැමූ දීමනාවේ ත්‍යාගවත් භාවය නිසා, මෙම සේවයෙන් ඔප්පු කර පෙන්වූ දෙයින්, ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දෙනු ඇත.
එය වෙනත් ශුභාරංචියක් නො වේ. ඇතමුන්ට ඕනෑව ඇත්තේ, ඔබ අවුලට පත් කර, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විකෘති කිරීමයි.
අප වෙතින් ඔබ ඇසූ දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් කල, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙසින් නො වේ; අදහන්නා වූ ඔබ තුළ ක්‍රියා කරන, එහි සැබෑ ස්වභාවයට අනුව දෙවියන්වහන්සේගේම වචනය ලෙසිනි. ඒ ගැන ද නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු.
මෙම සාර දහම, භාග්‍යවත් දෙවියන්වහන්සේගේ තේජාන්විත ශුභාරංචියට අනුකූලව උන්වහන්සේ විසින්ම මට බාර දෙන ලද ඉගැන්වීම් ය.
මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.
ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ස්වාමින්වහන්සේ දයාව දක්වන සේක්වා! මන්ද ඔහු නිතර මා ප්‍රාණවත් කළේ ය; මගේ සිර-බැඳුම් ගැන ලජ්ජා නො වීය.
එබැවින් අප ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැනවත්, උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනවත් ලජ්ජා නො වන්න. එහෙත් දෙවියන්වහන්සේගේ බලයෙන්, ශුභාරංචිය උදෙසා දුක් ඉසිලීමට පංගුකාර වන්න.
මන්ද දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාකාරී ය; කවර දෙමුහත් කඩුවකටත් වඩා මුවහත් ය; ජීවය හා ආත්මය ද සන්ධි හා ඇට මිදුලු ද විනිවිද වෙන් කර, හදවතේ සිතිවිලි හා ආකල්ප විමසයි.
කෙසේ වෙතත් ඔබ පීඩා විඳින්නේ ක්‍රිස්තියානිකාරයකු වශයෙන් නම්, ඒ ගැන ලජ්ජා නො වන්න. ඔබ දරන ඒ නාමය ගැන දෙවියන්වහන්සේට ගෞරව දෙන්න.