Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:2 - සිංහල කාලීන පරිවර්තනය

2 ඒ මඟින් ඔබ ගැලවීම ලබන්නේ ද මා ඔබට පැවසූ වචනය ඔබ තරකොට අල්ලා ගතහොත් ය. නැතහොත් ඔබ විශ්වාස කර ඇත්තේ නිෂ්ඵලව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශකළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය නුඹලාට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් නුඹලා නිෂ්ඵලලෙස ඇදහුවහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:2
31 හුවමාරු යොමු  

එහෙත් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පුත්‍රයකු සේ විශ්වාසී වූ සේක. අපගේ විශ්වාසය හා අප උදම් අනන බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටින්නෙමු නම්, උන්වහන්සේගේ ගෘහය අප ය.


එබැවින්, අප අසා ඇති දෑ වෙතින් අප ඉවත ඇදී නො යන පිණිස, අප ඒ ගැන වඩා තියුණු අවධානයක් යොමු කළ යුතු වෙයි.


මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු.


උන්වහන්සේ අප ගලවා, ශුද්ධ වූ කැඳවීමකට අප කැඳවූයේ, අපගේ ක්‍රියා නිසා නො ව, කාලයේ පටන්ගැන්මටත් පෙර, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට දුන් ස්වකීය අරමුණ හා අනුග්‍රහය නිසා ය.


එසේ වන්නේ ඔබ ඇදහිල්ලේ තහවුරු වී, ස්ථාවර වී, අඛණ්ඩව එහි පැවත, ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් බැහැර නො වී සිටියහොත් ය. අහසින් යට සමස්ත මැවිල්ලටම ප්‍රකාශිත එය, ඔබ ද ඇසූ ශුභාරංචිය ය; පාවුල් වන මම එහි සේවකයෙක් බවට පත්ව සිටිමි.


මන්ද ඔබ ගැලවී සිටින්නේ අනුග්‍රහයෙනි; ඇදහිල්ල තුළිනි. ඔබගේ පරිශ්‍රමයෙන් නො වේ. එය දෙවියන්වහන්සේගේ තිළිණයයි.


මන්ද, කුරුසියේ පණිවුඩය විනාශ වන්නන්ට අඥානකමකි. එහෙත් ගැලවීම ලබන්නා වූ අපට එය දෙවියන්වහන්සේගේ බලයයි.


ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්‍රියා නැති ඇදහිල්ල ද මළ එකකි.


මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්‍රියා නැතිනම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද?


පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වාසනීය බැවින්, අප ප්‍රකාශ කරන බලාපොරොත්තුව නො සැලී, බදා අල්ලා ගනිමු.


ගල්බිම පිට වූ ඒවා වන්නේ, වචනය ඇසූ කල ප්‍රීතියෙන් එය පිළිගන්නා නමුත් මුල් නැති බැවින්, මද කලකට පමණක් විශ්වාස කර, පරීක්ෂා පැමිණි කල වැටී යන අයයි.


ඒ අයුරින් ක්‍රියාවලින් තොර, තනි වූ ඇදහිල්ල මළ එකකි.


එබැවින්, අහස් මණ්ඩල පසුකර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.


එබැවින් සහෝදරයිනි, කට වචනයෙන් හෝ ලිපි මඟින් හෝ අප ඔබට ඉගැන්වූ ඉගැන්වීම් තුළ ස්ථිරව පැවත සිටින්න. ඒවා තරකොට අල්ලා ගන්න.


ඔබ ඒ සා දුක් පීඩා වින්දේ අර්ථයක් නැතිව ද? ඇත්තෙන්ම ඒවා අර්ථ විරහිත ද?


එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි.


මන්ද ශුභාරංචිය ගැන මා ලජ්ජා වන්නේ නැත. මන්ද පළමු කොට යුදෙව්වාට ද එසේම ග්‍රීකයාට ද යන අදහන්නා වූ සියල්ලන්ට ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ බලය එය බැවිනි.


මන්ද ගැලවෙන්නන් අතරේ ද විනාශවන්නන් අතරේ ද දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳ අප ය.


ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබ නැතිනම්, අපගේ දේශනා කිරීම නිෂ්ඵල ය; ඔබගේ ඇදහිල්ලත් නිෂ්ඵල ය.


මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා තම ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේ නො හැඳින්න බැවින්, අප දේශනා කරන අඥානකම මඟින් අදහන්නන් ගැලවීමට දෙවියන්වහන්සේ සතුටු වූ සේක.


එබැවින්, දෙවියන්වහන්සේගේ කාරුණික භාවයත්, දැඩි භාවයත් කල්පනාවට ගන්න. වැටී ගියවුන් වෙත දැඩි භාවය ය; උන්වහන්සේගේ කරුණාවෙහි ඔබ පැවත සිටින්නේ නම්, ඔබට දෙවියන්වහන්සේගේ කාරුණික භාවය ය. එසේ නො වුවහොත්, ඔබ ද කපා දැමේ.


සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසුපස ගිය හෙතෙම, පිලිප් දැක්වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය.


දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් හා හැමදෙනාගේ හොඳ හිත දිනා ගනිමිනි. ස්වාමින්වහන්සේ ද ගැලවීම ලබන්නන් දිනපතාම ඔවුන්ගේ කණ්ඩායමට එක් කළ සේක.


ඔබ හැම දේකදීම මා සිහි කරන නිසාත්, මා ඔබට ඉගැන්වූ සම්ප්‍රදායයන්, මා ඔබට භාර කළ ලෙසම පවත්වන නිසාත් මම ඔබ පසසමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්