ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යාකොබ් 5:12 - සිංහල කාලීන පරිවර්තනය

සියල්ලටම වඩා මා සහෝදරයිනි, ඔබ වරදට පත් කරනු නො ලබන පිණිස, අහස ගැන, පොළොව ගැන හෝ අන් කවර දෙයක් ගැන නො දිවුරන්න. “ඔව්” කිව යුතු තැන ඔව් කියා ද “නැත” කිව යුතු තැන නැත කියා ද පවසන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය “එසේ” නම් “එසේ ය” කියා ද, “නැත” නම් “නැත” කියා ද වේ වා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය “එසේ” නම් “එසේ ය” කියා ද, “නැත” නම් “නැත” කියා ද වේ වා.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත්, මාගේ සහෝදරයෙනි, නුඹලා වරදට පත් නොවන පිණිස, ස්වර්ගය ගැනවත් පොළොව ගැනවත් වෙන කිසිවක් ගැනවත් නොදිවුරන්නැයි ප්‍රධානකොට කියමි. නුඹලාගේ එසේය කීම එසේය කියාද, නැත කීම නැත කියාද වේවා.

පරිච්ඡේදය බලන්න



යාකොබ් 5:12
9 හුවමාරු යොමු  

යමකුට කුසගිනි නම්, ඔබ එක්රැස් වන කල, එය විනිශ්චයට පාත්‍ර නො වන පිණිස, ඔහු ගෙදරදී කෑවා වේ. අනිකුත් දෑ ගැන, මම ඔබ වෙත ආ කල, උපදෙස් දෙන්නෙමි.


නො රැවටෙන්න මා ප්‍රේමණීය සහෝදරයිනි.


මෙය සිහි තබාගන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, හැම කෙනෙක්ම ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න. කෝපවීමටත් පමා වන්න.


ප්‍රේමය පව් රාශියක් වසා දමන බැවින්, හැම දේටම වඩා ලැදිව එකිනෙකාට ප්‍රේම කරන්න.


ප්‍රේමණීයය, ඔබ ආත්මයෙන් සඵලව සිටින අයුරින්, අන් සියල්ලේදීත් සඵල වන ලෙස හා ඔබ නිරෝගී සුවයෙන් සිටින ලෙස, මම යාච්ඤා කරමි.