එහෙත් පරිසිවරුනට එය සැල වූ කල, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති බෙල්සෙබුල් මඟින් පමණි” යි කීහ.
යාකොබ් 3:6 - සිංහල කාලීන පරිවර්තනය දිව ගින්නකි. අධර්මිෂ්ඨකමේ ලෝකයකි. දිව අපේ අවයව අතර පිහිටා සිටිමින්, මුළු සිරුරේම ලප-පැල්ලම් ඇති කොට, මුළු මහත් ජීවිතයටම ගිනි තබයි; එය ගිනි අවුළුවා ගන්නේ නිරයෙන්ම ය. Sinhala New Revised Version දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි. Sinhala New Revised Version 2018 දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි. Sinhala Revised Old Version එය අපේ අවයවයන් අතරේ අධර්මමිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටුකොට, සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය. |
එහෙත් පරිසිවරුනට එය සැල වූ කල, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති බෙල්සෙබුල් මඟින් පමණි” යි කීහ.
එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය; ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.
පිටතින් මිනිසා තුළට ඇතුළු වන කිසි දෙයකට ඔහු අපවිත්‍ර කළ නො හැක. ඔහු අපවිත්‍ර කෙරෙන්නේ, ඔහු තුළින් පිටවන දෙයිනි.
එවිට ඔහු, ‘ආබ්‍රහම් පියාණෙනි, අනේ මට අනුකම්පා කරන්න. මගේ දිව තෙමාගන්නට ලාසරස්ගේ ඇඟිලි තුඩ දියේ ගිල්වා, මා වෙත එවන්න. මම මේ ගිනි ජාලාවේ විඳවනවා’ යි කිව්වා.
ඔබ කණ්ඩායමේ ඇතමුන් ද නැගිට ගෝලයින් ඔවුන්ගේ පැත්තට නම්මා ගන්නට සත්‍යය විකෘති කරනු ඇත.
එවිට පේතෘස් කතා කරමින්, “අනනියස්, ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කියා, ඉඩම විකුණූ මිලෙන් කොටසක් ඔබ ළඟ තබා ගැනීමට සාතන් ඔබේ හදවත පිරවූයේ ඇයි?
එහිදී ඔහුට විරුද්ධව බොරු සාක්ෂිකරුවන් ඉදිරිපත් කළෙන්, ඔවුහු සාක්ෂි දෙමින්, “මේ මිනිසා අපේ මේ ශුද්ධස්ථානයටත්, දහම් නීති සංග්‍රහයටත් විරුද්ධ වචන නො නවත්වාම පවසයි.
නිර්ලජ්ජිත වාසි ලබන පිණිස, නූගැන්විය යුතු දේ උගන්වමින්, ඔවුන් පවුල් පිටින් විනාශයට යොමු කරවන බැවින්, ඔවුන්ගේ කට පියවිය යුතුව ඇත.
සෑම වර්ගයක මෘගයකු, පක්ෂියකු, උරගයකු හා මුහුදු සත්වයකු දමනය කරන්ට මිනිසාට පුළුවන; දමනය කරනු ලැබ ඇත.
සියල්ලට පළමු, ඔබ වටහා ගත යුත්තේ මෙයයි. එනම්, සත්‍යයට ගරහමින් තමන්ගේම දුෂ්ට තෘෂ්ණා අනුව කටයුතු කරන ගරහන්නන් අවසන් දවස්හිදී පැමිණෙන වගයි.
එබැවින් මා පැමිණියහොත්, අපට එරෙහිව ඔහු නගන නපුරු කතා එළි කරන්නෙමි. ඔහු එයින් ද නො සෑහී සහෝදරයින් පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරයි; එසේ පිළිගන්නට කැමති වූවන් ද වළකමින් ඔවුන් සභාවෙන් නෙරපා හරියි.
ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.
කඩු පහරින් තුවාල ලද මුත්, තවමත් ජීවත් වූ මෘගයාගේ පිළිමයක් සාදන්නට කීමෙන්, පළමු මෘගයා උදෙසා සිදු කරන්නට බලය ලැබ තිබූ හාස්කම් ලකුණුවලින් ඌ පොළෝ වාසීන් රැවටී ය.
පහනක එළිය, යළි කිසි දින නුඹ තුළ බැබළෙන්නේ නැත. මනාල මනාලියකගේ හඬ, කිසි දින යළි නුඹ තුළ ඇසෙන්නේ නැත. නුඹේ වෙළෙන්දෝ පොළොවේ ශ්‍රේෂ්ඨයින් වූහ. නුඹේ මන්තරවලින් හැම ජාතියක්ම මුළා කරනු ලැබිණ.
එහෙත් මෘගයා අල්ලා ගනු ලැබිණ. තවද මෘගයාගේ සලකුණ ලැබූ හා උගේ පිළිරුවට නමස්කාර කළවුන් රවටමින් මෘගයා ඉදිරියේ ඌ වෙනුවෙන් හාස්කම් ලකුණු පෑ බොරු දිවැසිවරයා ද අල්ලා ගනු ලැබිණි. ඔවුහු දෙදෙනා පණ පිටින්ම ඇවිළෙන ගෙන්දගමින් යුතු නිරාගිනි විලට හෙළනු ලැබූහ.