මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේම වචන මඟිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේම වචන මඟිනි” යි පැවසූ සේක.
යාකොබ් 2:21 - සිංහල කාලීන පරිවර්තනය අපගේ පිය වූ ආබ්‍රහම් ක්‍රියා තුළින් ධර්මිෂ්ඨ බවට පිළිගැනුනේ, ඔහු තම පුත් ඊසාක් පූජාසනය මත පූජා කළ කල්හි නො වේ ද? Sinhala New Revised Version අපේ පිය වූ ආබ්‍රහම් සිය පුත් ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට, ඔහු දමිටුකමට පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත් ක්‍රියා නිසා නොවේ ද? Sinhala New Revised Version 2018 අපේ පිය වූ ආබ්‍රහම් සිය පුත් ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට, ඔහු දමිටුකමට පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත් ක්‍රියා නිසා නොවේ ද? Sinhala Revised Old Version අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත්‍රවූ ඊසාක් පූජාසනය පිට ඔප්පුකළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබුවා නොවේද? |
මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේම වචන මඟිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේම වචන මඟිනි” යි පැවසූ සේක.
‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි.
එවිට ඔහු, ‘ආබ්‍රහම් පියාණෙනි, අනේ මට අනුකම්පා කරන්න. මගේ දිව තෙමාගන්නට ලාසරස්ගේ ඇඟිලි තුඩ දියේ ගිල්වා, මා වෙත එවන්න. මම මේ ගිනි ජාලාවේ විඳවනවා’ යි කිව්වා.
“ඔහු එවිට, ‘එසේ නො වෙයි, ආබ්‍රහම් පියාණෙනි, යමෙක් මළවුන් වෙතින් ඔවුන් වෙත ගියහොත්, ඔවුන් පසුතැවිලි වෙතැ’ යි පැවසුවා.
“අපේ පියා ආබ්‍රහම්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම්, නුඹලා කළ යුතුව ඇත්තේ ආබ්‍රහම් කළ දෑයි.
අපේ පියාණන් වූ ආබ්‍රහම්ටත් වඩා ඔබ උත්තමයෙක් ද? ඔහු මියැදුණා; දිවැසිවරුන් ද මියැදුණා. ඔබ කියන්නේ ඔබ කවුරුන් කියා දැ?” යි උන්වහන්සේට කීහ.
ස්තේපන් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය: “සහෝදරයිනි, පියවරුනි, මට සවන් දෙන්න. අප ආදි පිය වූ ආබ්‍රහම්, හාරාන්හි විසීමට පෙර, මෙසපොතාමියාවේ සිටියදී, තේජසේ දෙවියන්වහන්සේ ඔහුට පෙනී,
මන්ද දහම් නීතියේ ක්‍රියා මඟින් කිසි මිනිසකු උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැත. දහම් නීතිය මඟින් කෙරෙන්නේ පාප අවබෝධය ගෙන ඒම ය.
චර්මඡේද වීමෙන් පමණක් නො ව, චර්මඡේද වන්නට පෙර අපගේ පිය වූ ආබ්‍රහම්ගේ ඇදහිල්ලේ පියමං ඔස්සේ ගමන් කරන චර්මඡේදිතයින්ගේ ද පියාණන් බවට ඔහු පත් වීමටත් ය.
පොරොන්දුව ඇදහිල්ල මත රඳා පවත්නේ එබැවිනි; එසේ වන්නේ, එය අනුග්‍රහයෙන් පිහිටන පිණිසත්, ඔහුගේ මුළු පෙළපතට එය ඇපයක් වන පිණිසත් ය. ඒ පෙළපත දහම් නීතියට බැඳුණවුන්ගේ පමණක් නො වේ; ආබ්‍රහම්ගේ ඇදහිල්ලට පංගුකාර වූ අයගේත් ය; අප හැමගේ පියා ආබ්‍රහම් ය.
පරීක්ෂා කරනු ලැබූ කල, ආබ්‍රහම් ඊසාක් ඔප්පු කළේ ඇදහිල්ලෙනි; පොරොන්දුව ලැබ සිටි තැනැත්තා තම එකම පුත්‍රයා පූජා කරන්නට වූයේ,
එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්.
යමකු දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරන්නේ ක්‍රියා මඟින් වගත්, ඇදහිල්ලෙන් පමණක් නො වන වගත් ඔබට පෙනේ.