Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 2:22 - සිංහල කාලීන පරිවර්තනය

22 ඔහුගේ ක්‍රියා සමඟ ඇදහිල්ල ක්‍රියාත්මක වූ වග හා ඔහුගේ ක්‍රියා තුළින් ඇදහිල්ල සම්පූර්ණ වූ වග ඔබට පෙනේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඇදහිල්ල, ඔහුගේ යහපත් ක්‍රියා හා සමඟ එක් ව ක්‍රියා කළ බවත්, ඇදහිල්ල ක්‍රියා නිසා සම්පූර්ණ වූ බවත් ඔබට පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඇදහිල්ල, ඔහුගේ යහපත් ක්‍රියා හා සමඟ එක් ව ක්‍රියා කළ බවත්, ඇදහිල්ල ක්‍රියා නිසා සම්පූර්ණ වූ බවත් ඔබට පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවල් සමඟ ක්‍රියාකළ බවත් ඇදහිල්ල ක්‍රියාවලින් සම්පූර්ණවූ බවත් නුඹට පෙනේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 2:22
8 හුවමාරු යොමු  

ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු.


මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.


එහෙත් උන්වහන්සේගේ වචනය පිළිපදින යම් කෙනකු වේ ද, සැබවින් ම ඔහු තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ කෙරේ. අප උන්වහන්සේ තුළ සිටිනා වග සහතිකයෙන් දැනගන්නේ එලෙසිනි.


එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ කාරිය මෙයයි; උන්වහන්සේ එවූ තැනැත්තාණන් ඔබ අදහා ගැනීමයි” කී සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්