කෙසේ වෙතත් ඒ යක්ෂාත්ම ඔබට යටත් වන නිසා ප්‍රීති නො වී, ඔබගේ නාම ස්වර්ගයේ ලියවී ඇති නිසා ප්‍රීති වන්නැ” යි පැවසූ සේක.
පිලිප්පි 4:3 - සිංහල කාලීන පරිවර්තනය ඇත්තෙන්ම, මේ ස්ත්‍රීන්ට උපකාර කරන මෙන් මා හිතාදර හවුල් සේවක ඔබෙන් ද ඉල්ලමි. මොවුහු, ක්ලෙමන්ත් ඇතුළු අනිකුත් මා සහෝදර සේවකයින් සමඟ ශුභාරංචිය උදෙසා හරි හරියට මා සමඟ සේවය කළහ. ඔවුන්ගේ නාම ජීවන පොතේ ලියවී ඇත. Sinhala New Revised Version එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත. Sinhala New Revised Version 2018 එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත. Sinhala Revised Old Version එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ. |
කෙසේ වෙතත් ඒ යක්ෂාත්ම ඔබට යටත් වන නිසා ප්‍රීති නො වී, ඔබගේ නාම ස්වර්ගයේ ලියවී ඇති නිසා ප්‍රීති වන්නැ” යි පැවසූ සේක.
එබැවින් සහෝදරයිනි, දෙවියන්වහන්සේගේ දයාවන් හමුවේ මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබගේ ශරීර ශුද්ධවූත්, දෙවියන්වහන්සේට ප්‍රිය ප්‍රසන්නවූත් ජීවමාන යාගයක්ව දෙවියන්වහන්සේට පිළිගන්වන ලෙසයි. ඔබේ ආත්මික නමස්කාරය එයයි.
ස්වාමින්වහන්සේ තුළ වැඩ කරන තෘපේනාට හා තෘපෝසාට ද ආචාර කරන්න. ඉතා වෙහෙසී ස්වාමින්වහන්සේ තුළ වැඩ කළ ප්‍රේමණීය පර්සිස්ට ද ආචාර කරන්න.
ක්‍රිස්තුස්වහන්සේ තුළ මගේ හවුල් වැඩකරුවා වූ උර්බානස්ටත්, මා ප්‍රේමණීය ස්ටාකිස්ටත් ආචාර කරන්න!
සහෝදරයිනි, මට විඳින්නට සිදු වූ හැම දෙයක්ම ශුභාරංචියේ වර්ධනයට ඉවහල් වී ඇති වග ඔබට දන්වනු කැමැත්තෙමි.
පසුව කී අය එසේ කරන්නේ, මෙසේ මා සිරගතව සිටින්නේ ශුභාරංචිය ගැන වග උත්තර කියන්නට බව දැන, ප්‍රේමයෙනි.
කුමක් වෙතත්, ඔබගේ ජීවන රටාව ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබින අයුරින් හසුරුවා ගන්න. එවිට මා අවුත්, ඔබ හමුවෙතත්, නෑවිත් ඔබ ගැන තොරතුරු අසනවා පමණක් වුවත්, ඔබ එකම ආත්මයෙන් තිරසරව සිටින බවත්, ශුභාරංචියේ ඇදහිල්ල උදෙසා එකාවන්ව සටන් වදින බවත්,
මා සිර-බැඳුම් ලැබ සිටියදීත්, ශුභාරංචිය ගැන වග උත්තර කියද්දීත්, එහි සත්‍යතාව සහතික කරද්දීත් දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයට මා හා පංගුකාර වූ ඔබ හැම, මා හදෙහි දරා සිටින බැවින්, ඔබ හැම ගැන මා එසේ සිතීම යුතු ය.
ඔබ ශුභාරංචිය උගත්තේ අප ප්‍රේමණීය හවුල් දාසයකු වන එපප්‍රස්ගෙනි. ඔහු අප වෙනුවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසී සේවකයකු වේ.
පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.
ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.
තවද ලොකු කුඩා මළවුන් සිංහාසනය ඉදිරියේ සිටගෙන සිටිනවා දුටුවෙමි. පොත් දිග හරිනු ලැබිණි. ජීවනයේ පොත වන තවත් පොතක් දිග හරින ලදී. පොත්වල ලියන ලද දෑ ලෙස, තම තමන් කර තිබූ දෑ අනුව මළාහු විනිශ්චය කරන ලදහ.
අපවිත්‍ර වූ කිසිවක් කිසි කල එහි ඇතුළු වන්නේ නැත. පිළිකුල් වූ, ව්‍යාජ වූ දෑ කරන කිසිවකු එහි ඇතුළු වන්නේ නැත. ඇතුළු වන්නේ, බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියවුණු ඇත්තන් පමණකි.
ජයගන්නා, එලෙස සුදු ඇඳුමින් හඳවනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසි කලෙක මකා නො දමන්නෙමි. මාගේ පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ දේව දූතයින් ඉදිරියේ මම ඔහුගේ නම පිළිගන්නෙමි.