සැවොම මාගේ නාමය නිසා ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා, ගලවනු ලබනු ඇත.
ගලාති 6:9 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් යහ වැඩ කිරීමෙහි වෙහෙසට පත් නො වී, බලාපොරොත්තු හැර නො දමා සිටින්නෙමු නම්, නිසි කල අප අස්වනු නෙළනු ඇත. Sinhala New Revised Version ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු. Sinhala New Revised Version 2018 ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු. Sinhala Revised Old Version තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව. |
සැවොම මාගේ නාමය නිසා ඔබට වෛර කරනු ඇත. එහෙත් අවසානය දක්වා නො සැලී ස්ථිරව සිටින්නා, ගලවනු ලබනු ඇත.
ඔවුන් පසුබට නො වී, නිරතුරු යාච්ඤා කළ යුතු වග පෙන්වා දීමට යේසුස්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව පැවසූ සේක.
ඉවසීමෙන් යුතුව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත.
එබැවින්, මා ප්‍රේමණීය සහෝදරයිනි, නො සැලී, ස්ථිරව සිටින්න. ස්වාමින්වහන්සේට ඔබගේ වෙහෙසීම අපතේ නො යන බැව් ඔබ දන්නා බැවින්, නිබඳව ස්වාමින්වහන්සේගේ වැඩෙහි වඩ වඩා යෙදෙන්න.
අප අධෛර්යය නො වන්නේ එබැවිනි. පිටස්තර ස්වභාවයෙන් අපි ක්ෂය වෙමින් සිටින නමුදු, ඇතුළාන්ත ස්වභාවෙන් දවසින් දවස අලුත් වෙමින් සිටින්නෙමු.
මෙය සිහි තබාගන්න: අඩුවෙන් වපුරන්නා අඩුවෙන් කපා ගනී; වැඩියෙන් වපුරන්නා, වැඩියෙන් කපා ගනී.
එබැවින්, ඔබ උදෙසා මා විඳින දුක් ගැහැට ගැන අධෛර්යය නො වන ලෙස මම ඔබෙන් ඉල්ලමි, සැබවින් ම ඒවා ඔබගේ ගෞරවයයි.
ඔබ හෙම්බත් වී අධෛර්යයට පත් නො වන පිණිස, පාපී මිනිසුන්ගේ ඒ සා එදිරිවාදිකම් ඉවසූ තැනැන්වහන්සේ ගැන සිතා බලන්න.
පුත්‍රයින් යයි ඔබ අමතන ධෛර්යය ගැන්වීමේ මෙම වචන ඔබට අමතක වූවා ද? “මා පුත, ස්වාමින්වහන්සේගේ හික්මවීම සුළු කොට නො සලකන්න; උන්වහන්සේගෙන් තරවටු ලබන කල නො කලකිරෙන්න;
මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු.
එහෙත් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පුත්‍රයකු සේ විශ්වාසී වූ සේක. අපගේ විශ්වාසය හා අප උදම් අනන බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටින්නෙමු නම්, උන්වහන්සේගේ ගෘහය අප ය.
එබැවින් සහෝදරයිනි, ස්වාමින්වහන්සේ පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටින්න. ගොවියකු පොළොවෙන් අනගි අස්වනු හට ගැන්වෙනු බලා, ඊට පළමු වැස්ස හා අවසන් වැස්ස ලැබෙන තුරු ඉවසීමෙන් සිටින හැටි බලන්න.
මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි; එනම් හරි දේ කිරීමෙන්, මෝඩ මිනිසුන්ගේ නූගත්කම නිරුත්තර කිරීමයි.
මන්ද යහපත කර දුක් විඳීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක් විඳීමට වඩා එය හොඳ ය.
එබැවින්, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව පීඩා විඳින අය, යහ වැඩ කිරීමේ නියැළෙමින්, තමන්ගේ විශ්වාසී මැවුම්කරුවාණන්ට තමන්ම බාර විය යුතු ය.
“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.
“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවියන්වහන්සේගේ පාරාදීසයේ ඇති ජීවන වෘක්ෂයෙන් කන්නට වර දෙන්නෙමි.