ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ.
ගලාති 4:2 - සිංහල කාලීන පරිවර්තනය ඔහුගේ පියා නියම කළ කාලය තෙක් ඔහු භාරකරුවනට හා ඇපකරුවනට යටත් ය. Sinhala New Revised Version පියා නියම කළ වයසට පැමිණෙන තුරු උරුමක්කාරයා භාරකාරයන් හා වගකිව යුතු අය යටතෙහි සිටියි. Sinhala New Revised Version 2018 පියා නියම කළ වයසට පැමිණෙන තුරු උරුමක්කාරයා භාරකාරයන් හා වගකිව යුතු අය යටතෙහි සිටියි. Sinhala Revised Old Version පියා විසින් නියමකළ කාලය දක්වා, ප්‍රවේසම්කරන්නන් හා ගබඩාකාරයන් යටතේ සිටින්නේයයි කියමි. |
ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ.
මන්ද ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබට උපදේශකයින් දස දහසක් සිටිය ද, ඔබට පියවරුන් බොහෝ දෙනකු නැත. මන්ද ශුභාරංචිය මඟින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම ඔබගේ පියා බවට පත් වුණෙමි.
මෙසේ ඇදහිල්ල මඟින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මගපෙන්වන භාරකරුවා වූයේ දහම් නීතියයි.
මා කියන්නේ මෙයයි; උරුමකරු, මුළු බූදලයට හිමිකරු වුව ද, බාල වයස්කරුවකුව සිටින තාක්, ඔහු දාසයකුට වඩා වෙනස් නො වෙයි.