ආසියා කලාපයේ වචනය කතා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් තහනම් කරන ලදුව, ඔවුහු පිරිගිය හා ගලාතිය පෙදෙස් ඔස්සේ ගමනේ යෙදුණහ.
ගලාති 4:11 - සිංහල කාලීන පරිවර්තනය ඔබ උදෙසා මා දැරූ වෙහෙස අපතේ යාදෝයි මට බයක් ඇත. Sinhala New Revised Version සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත. Sinhala New Revised Version 2018 සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත. Sinhala Revised Old Version සමහරවිට නුඹලා උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා නුඹලා ගැන භයවෙමි. |
ආසියා කලාපයේ වචනය කතා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් තහනම් කරන ලදුව, ඔවුහු පිරිගිය හා ගලාතිය පෙදෙස් ඔස්සේ ගමනේ යෙදුණහ.
එබැවින්, මා ප්‍රේමණීය සහෝදරයිනි, නො සැලී, ස්ථිරව සිටින්න. ස්වාමින්වහන්සේට ඔබගේ වෙහෙසීම අපතේ නො යන බැව් ඔබ දන්නා බැවින්, නිබඳව ස්වාමින්වහන්සේගේ වැඩෙහි වඩ වඩා යෙදෙන්න.
මා එහි ගියේ, එළිදරවුවකට අනුව ය. මා දුවමින් සිටියේත්, දිව්වේත් නිෂ්ඵලව නො වන වග සහතික කරගන්නා පිණිස, අන්‍ය-ජාතීන් අතර මා ප්‍රකාශ කළ ශුභාරංචිය, ප්‍රධානීන් සේ සැලකුණු අයට පෞද්ගලිකව පෙන්වා දුන්නෙමි.
සහෝදරයිනි, මා වගේ වන්නැයි මම ඔබට ආයාචනා කරමි. මන්ද මම ඔබ වගේ වූයෙමි. ඔබ මට කිසි වරදක් කළේ නැත.
හැකි නම් මෙවෙලේ ඔබ ළඟ සිට, මාගේ කතා විලාශය වෙනස් කර ගැනීමට කැමැත්තෙමි. ඇත්තෙන්ම ඔබ ගැන මගේ සිත වියවුල් වී තිබේ.
මෙසේ, මාගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වීය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත.
මේ හේතුව නිසා තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල්හි, ඔබගේ ඇදහිල්ල පිළිබඳ තතු විමසා බැලීමට මම තිමෝති පිටත් කර එව්වෙමි. ඒ, පරීක්ෂාකාරයා යම් ලෙසකින් ඔබ පරීක්ෂාවක හෙළා, ඔබ උදෙසා අප දැරූ වෙහෙස අපතේ යාදෝයි මා තැති ගත් නිසා ය.