ගලාති 1:15 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් මව් කුස පටන් මා වෙන් කරගෙන, ස්වකීය අනුග්‍රහයෙන් මා කැඳවූ තැනැන්වහන්සේ, Sinhala New Revised Version එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන, Sinhala New Revised Version 2018 එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන, Sinhala Revised Old Version නුමුත් මවුකුස පටන් මා වෙන්කළාවූද තමන්ගේ කරුණාව කරණකොටගෙන මා කැඳෙවුවාවූද දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයාණන්වහන්සේ ගැන අන්‍යජාතීන් අතරේ මා විසින් දේශනාකරන පිණිස, |
ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ප්‍රමෝදයෙන්, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින්, මම ඔබට ස්තුති කරමි. එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි.
ඔවුන් ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, නිරාහාරව සිටි අවස්ථාවක, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් අමතමින්, “මා විසින් කැඳවනු ලැබූ සේවාව සඳහා බාර්ණබස් හා සාවුල් යන දෙදෙන මට වෙන් කරන්නැ” යි කී සේක.
එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මාගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මාගේ උපකරණයකි;
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි.
උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය.
තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක්ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු.
එසේ, උන්වහන්සේ පෙර-නියම කළවුන්, උන්වහන්සේ කැඳවූ සේක. උන්වහන්සේ කැඳවා ගත්තවුන්, උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ද පැමිණෙවු සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමට පැමිණෙවුවන් උන්වහන්සේ තේජසට ද පත් කළ සේක.
දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලද පාවුල් ද අපගේ සහෝදර සොස්තෙනස් ද වෙතින්,
මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා තම ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේ නො හැඳින්න බැවින්, අප දේශනා කරන අඥානකම මඟින් අදහන්නන් ගැලවීමට දෙවියන්වහන්සේ සතුටු වූ සේක.
එහෙත් කැඳවීම ලද යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ බලය හා දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ය.
ස්වකීය පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වාසනීය ය.
එහෙත් මා කවර තත්වයක සිටිනවා ද, එසේව සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙනි. මා වෙත වූ උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ඵල වූයේ නැත. ඇත්තටම ඒ හැමට වැඩියෙන් මම වෙහෙසී වැඩ කළෙමි. එහෙත්, මා නො ව, මා සමඟ වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයයි.
මිනිසුන් වෙතින් හෝ මිනිසකු මඟින් හෝ නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ද උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද විසින් එවන ලද අපෝස්තුලුවරයකු වූ පාවුල් හා
ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය තුළ ඔබ කැඳවාගත් තැනැන්වහන්සේ මෙතරම් ඉක්මනින් අත්හැර, ඔබ අමුතු ශුභාරංචියක් වෙත හැරී යෑම මට මහ පුදුමයක්.
උන්වහන්සේ, තම අභිමතයේ කැමැත්ත පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් අප, ස්වකීය පුත්‍රයින් වගට දෛව නියමයක් කළ සේක.
තවද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේ අරමුණු කළ ස්වකීය අභිමතය පරිද්දෙන්, තම කැමැත්ත පිළිබඳ අබිරහස අපට දැනගන්නට සැලසූ සේක.
එය කරනුයේ අපගේ ස්වාමියාණන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේ මුදුන් පැමිණවූ උන්වහන්සේගේම සදාතනික අරමුණට අනුකූලව ය.
උන්වහන්සේ අප ගලවා, ශුද්ධ වූ කැඳවීමකට අප කැඳවූයේ, අපගේ ක්‍රියා නිසා නො ව, කාලයේ පටන්ගැන්මටත් පෙර, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අපට දුන් ස්වකීය අරමුණ හා අනුග්‍රහය නිසා ය.
ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවාගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක.