එය වටහා ගත් පේතෘස්, මාර්ක් නම් ලත් යොහන්ගේ මව වූ මරියාගේ නිවසට ගියේ ය. එහි බොහෝ දෙනෙක් රැස්ව, යාච්ඤා කරමින් සිටියහ.
කොලොස්සි 4:10 - සිංහල කාලීන පරිවර්තනය මා හා සිරගතව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ. Sinhala New Revised Version මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න. Sinhala New Revised Version 2018 මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න. Sinhala Revised Old Version මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න. |
එය වටහා ගත් පේතෘස්, මාර්ක් නම් ලත් යොහන්ගේ මව වූ මරියාගේ නිවසට ගියේ ය. එහි බොහෝ දෙනෙක් රැස්ව, යාච්ඤා කරමින් සිටියහ.
බාර්ණබස් හා සාවුල් තමන්ගේ මෙහෙය නිමවා, මාර්ක් නම් වූ යොහන් ද කැටිව යෙරුසලමේ සිට ආපසු ගියහ.
පාවුල් හා ඔහුගේ සගයෝ පාපස් වෙතින් නැව් නැග, පම්පිලියෙහි පර්ගා නගරයට ගොඩ බටහ. යොහන් යෙරුසලම් වෙත ආපසු යෑමට එහිදී ඔවුන්ගෙන් වෙන් විය.
සලමිස් නගරයට ළඟා වූ ඔවුහු, එහි යුදෙව් සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. යොහන් ඔවුන්ගේ සහායකයාව සිටියේ ය.
සැණෙකින් මුළු නගරය පුරා මහත් ගාලගෝට්ටියක් පැන නැඟිණි. ඔවුහු පාවුල්ගේ ගමන් සගයින් වූ මකිදෝනියෙහි ගායස් හා අරිස්තාර්කස් අල්ලා, ඇදගෙන රංග පීඨයට කඩා වැදුණහ.
ඔහු සමඟ පුරස්ගේ පුත් බෙරියාහි සෝපතර් ද තෙසලෝනික අරිස්තාර්කස් හා සෙකුන්දස් ද දර්බයෙහි ගායස් හා තිමෝති ද ආසියා කලාපයේ තුකිකස් හා ත්‍රොපිමස් ද ගමන් ගත්හ.
ආසියා කලාපයේ වෙරළබඩ වරායන් බලා පිටත්වීමට සූදානමින් තිබූ අද්‍රාමුත්තියේ නැවකට ගොඩ නැගුණු අපි වෙරළින් ඈත් වන්නට වීමු. තෙසලෝනිකයෙහි අරිස්තාර්කස් නම් මකිදෝනි වැසියෙක් ද අප සමඟ විය.
අපෝස්තුලුවරුන් විසින් බාර්ණබස් යයි හැඳින් වූ (එහි අරුත දිරි ගන්වන පුත්‍රයා යනුයි) යෝසෙප් නම් මිනිසෙක් විය. ලෙවී වාංශිකයෙක් වූ ඔහු සයිප්‍රස් වැසියෙකි.
ශුද්ධවතුනට ඔබින ලෙස ස්වාමින්වහන්සේ තුළ ඇය පිළිගන්නා ලෙසත්, අවශ්‍ය වන හැම විටෙක ඇයට උපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද ඇය මටත්, තව බොහෝ දෙනකුටත් උදවු උපකාර කළ තැනැත්තියකි.
මගේ සහෝදර සිරකරුවන් හා මාගේ නෑයින් වන අන්ද්‍රොනිකස් හා ජුනියාටත් ආචාර කරන්න; අපෝස්තුලුවරුන් අතර සුප්‍රසිද්ධ ඔවුන් මට පෙරාතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නවුන් ය.
ලූක් පමණක් මා සමඟ ය. ඔබ සමඟ මාර්ක් කැඳවාගෙන එන්න. මාගේ සේවය සඳහා ඔහු මට ප්‍රයෝජනවත් ය.
ඔබ සමඟ දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද බබිලෝනි සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මා පුත් මාර්ක් ද ඔබට ආචාර කරයි.