දිනක් නව වන පැයේ පමණ ඔහු දර්ශනයක් දුටුවේ ය. දෙවියන්වහන්සේගේ දූතයකු පැමිණ, “කොර්නේලියස්” යයි තමන් අමතනු ඔහු පැහැදිලිව දැක්කේ ය.
ක්‍රියා 9:10 - සිංහල කාලීන පරිවර්තනය දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේ ය. ස්වාමින්වහන්සේ දර්ශනයකින් ඔහු අමතමින්, “අනනියස්” යයි කී සේක. “එසේය ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය. Sinhala New Revised Version 2018 දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය. Sinhala Revised Old Version දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය. |
දිනක් නව වන පැයේ පමණ ඔහු දර්ශනයක් දුටුවේ ය. දෙවියන්වහන්සේගේ දූතයකු පැමිණ, “කොර්නේලියස්” යයි තමන් අමතනු ඔහු පැහැදිලිව දැක්කේ ය.
“යොප්පා නුවරදී මම යාච්ඤා කරමින් සිටියදී, දැහැන් ගතව දර්ශනයක් දුටුවා. විශාල රුවලක් වැනි යමක් එහි සිවු කොනින් අහසේ සිට පහත් කරනු මා දුටුවා. එය මා අසලටම පහත් වුණා.
පේතෘස් ඔහු පසුපසින් පිටතට ආවේ ය. එහෙත් දේව දූතයා අතින් මේ සිදුවන්නේ සැබෑ සිදුවීම් බැව් ඔහු නො දත්තේ ය. ඔහු සිතුවේ තමා දර්ශනයක් දකිනවා කියා ය.
පාවුල් දුටු දර්ශනය මඟින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු.
රාත්‍රියේ පාවුල් දර්ශනයක් දිටී ය. මකිදෝනියෙහි වැසියකු සිටගෙන, “මකිදෝනිය වෙත අවුත් අපට උපකාර කරන්නැ” යි උදක්ම ඉල්ලනු ඔහුට පෙනිණි.
ස්වාමින්වහන්සේ රාත්‍රියේදී දර්ශනයකින් පාවුල්ට කතා කොට, “බය වන්න එපා; දිගටම කතා කරන්න; නිහඬව නො සිටින්න.
“ ‘දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක්, අන්තිම දවස්වලදී මම මාගේ ආත්මයාණන් සියලු මිනිසුන් පිට වගුරුවමි. ඔබගේ පුත්‍රයින් හා දූවරුන් දිවැස් වැකි පවසනු ඇත. ඔබගේ තරුණයින් දර්ශන දකිනු ඇත. ඔබගේ මහලු මිනිසුන් ස්වප්න දකිනු ඇත.
“එහිදී අනනියස් නම් කෙනෙක් මා දකින්නට ආවා. දහම් නියෝග බැතිමත්ව පිළිපදින්නකු වූ ඔහු, එහි වෙසෙන යුදෙව්වන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූවෙක්.
අනනියස් නැමැත්තෙක් තමන් වෙත අවුත්, නැවත පෙනීම ලැබෙන පිණිස, තමන් මත අත් තබනු ඔහු දර්ශනයකින් දුටුවේ යැ” යි ඔහුට පැවසූ සේක.
දමස්කයේදී අරෙතස් රජු යටතේ වූ ආණ්ඩුකාරයා මා සිරබාරයට ගන්නා පිණිස පුරවරය පුරා මුර යොදා තිබිණ.
මට කලින් අපෝස්තුලුවරුන්ව සිටි අය දකින්නට මා යෙරුසලම් වෙත ගියේ ද නැත. මම අරාබියට ගොස්, පසුව දමස්කය වෙත ආපසු ආවෙමි.