Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 12:9 - සිංහල කාලීන පරිවර්තනය

9 පේතෘස් ඔහු පසුපසින් පිටතට ආවේ ය. එහෙත් දේව දූතයා අතින් මේ සිදුවන්නේ සැබෑ සිදුවීම් බැව් ඔහු නො දත්තේ ය. ඔහු සිතුවේ තමා දර්ශනයක් දකිනවා කියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 දූතයා කළ දේ ඇත්තක් බව නොදැන, තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින්, පේදුරු පිටත් ව දූතයා පසුපසින් ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 දූතයා කළ දේ ඇත්තක් බව නොදැන, තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින්, පේදුරු පිටත් ව දූතයා පසුපසින් ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 දූතයා විසින් කරනලද දේ ඇත්තක් බව ඔහු නොදැන, තමා දර්ශනයක් දකින්නේයයි සිතුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 12:9
12 හුවමාරු යොමු  

ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරුව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක්ව ලැබෙන ස්ථානය බලා පිටත්ව ගියේ ඇදහිල්ලෙනි.


“එබැවින් අග්‍රිපා රජුනි, එම ස්වර්ගීය දර්ශනයට මා අකීකරු නො වී,


දිනක් නව වන පැයේ පමණ ඔහු දර්ශනයක් දුටුවේ ය. දෙවියන්වහන්සේගේ දූතයකු පැමිණ, “කොර්නේලියස්” යයි තමන් අමතනු ඔහු පැහැදිලිව දැක්කේ ය.


“යොප්පා නුවරදී මම යාච්ඤා කරමින් සිටියදී, දැහැන් ගතව දර්ශනයක් දුටුවා. විශාල රුවලක් වැනි යමක් එහි සිවු කොනින් අහසේ සිට පහත් කරනු මා දුටුවා. එය මා අසලටම පහත් වුණා.


තමා දුටු ඒ දර්ශනයේ අරුත කිමෙක්දැයි නො වැටහී, පේතෘස් කල්පනා කරමින් සිටියදී මෙන්න! කොර්නේලියස් වෙතින් පැමිණි පණිවුඩකරුවෝ සීමොන්ගේ නිවස සොයාගෙන ගේ දොරකඩටම අවුත්,


දමස්කයේ අනනියස් නම් ගෝලයෙක් සිටියේ ය. ස්වාමින්වහන්සේ දර්ශනයකින් ඔහු අමතමින්, “අනනියස්” යයි කී සේක. “එසේය ස්වාමිනි” යි ඔහු පිළිතුරු දුන්නේ ය.


එවිට උන්වහන්සේගේ මෑණියෝ සේවකයින් අමතා, “උන්වහන්සේ කියන කවර දෙයක් වුවත් කරන්නැ” යි කීවා ය.


“ඔබේ ඇඳුම් හැඳ, පාවහන් ලා ගන්නැ” යි දේව දූතයා පේතෘස්ට කී ය. පේතෘස් ඔහු කී ලෙස කළේ ය. “දැන්, ඔබේ කබාය පොරවාගෙන මා පසුපස එන්නැ” යි දේව දූතයා ඔහුට කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්