ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 8:6 - සිංහල කාලීන පරිවර්තනය

පිලිප් කී දෑ ඇසූ, ඔහු කළ හාස්කම් දුටු සමූහයා, ඔහු පැවසූ දෑට එකාවන්ව අවධානය යොමු කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සමූහයෝ ඇහුම්කන්දී, පිලිප් කළ ආශ්චර්යයන් දුටු කල, ඔහු කී කරුණු එක්සිත්ව සැලකුවෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 8:6
7 හුවමාරු යොමු  

ඊළඟ සබතේ ස්වාමින්වහන්සේගේ වචන අසන්නට මුළු පුරවරයම පාහේ එක්රැස් වූහ.


සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසුපස ගිය හෙතෙම, පිලිප් දැක්වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය.


සමාරියේ නගරයකට ගිය පිලිප්, එහි ජනයාට ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළේ ය.


මර හඬ නගමින්, අශුද්ධාත්ම ඔවුන් ආවේශ ව සිටි බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. අංසබාග රෝගීහු ද කොරු ද බොහෝ දෙනෙක් සුව කරන ලදහ.