ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 5:2 - සිංහල කාලීන පරිවර්තනය

තම භාර්යාවගේ ද අනුදැනුම ඇතිව, විකුණූ මිලෙන් කිසියම් කොටසක් තමන්ටම තබාගෙන, කොටසක් පමණක් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඇය දැනුවත් ව මුදලෙන් කොටසක් තබාගෙන, ඉතිරි කොටස ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඇය දැනුවත් ව මුදලෙන් කොටසක් තබාගෙන, ඉතිරි කොටස ගෙනැවිත් අපෝස්තුළුවරුන්ගේ පාමුල තැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමාගේ භාර්යාවත් දැනුවත්ව මිලෙන් කොටසත් තබාගෙන, එක්තරා කොටසක් ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 5:2
16 හුවමාරු යොමු  

“කරන හැම දෙයක්ම ඔවුන් කරන්නේ, අන්‍යයනට පෙනෙන පිණිස ය: ඔවුහු තම පිලක්තාරි පළල් කර ගනිමින්, තම වස්ත්‍ර-දාවලු මහත් කර ගනිති.


ඔහු එසේ කීවේ, දුප්පතුන් ගැන සැලකූ නිසා නො ව, ඔහු සොරකු නිසා ය. මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දෑ තමාටම ගන්නට පුරුදුව සිටියේ ය.


සියලු ඇදහිලිවත්හු එක්සත්ව, සියලු දේ සාමුහිකව භුක්ති වින්දහ.


තමන් සතුව තිබූ ඉඩමක් විකුණූ ඔහු, එම මුදල් ගෙනවුත්, අපෝස්තුලුවරුන්ගේ පාමුල තැබී ය.


එහෙත්, අනනියස් නම් වූ මිනිසෙක් තම භාර්යාව වූ සපිරා සමඟ ඉඩම් කැබැල්ලක් විකුණා,


එවිට පේතෘස් කතා කරමින්, “අනනියස්, ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කියා, ඉඩම විකුණූ මිලෙන් කොටසක් ඔබ ළඟ තබා ගැනීමට සාතන් ඔබේ හදවත පිරවූයේ ඇයි?


පේතෘස් ඇය අමතමින්, “මට මේක කියන්න; ඉඩම විකිණීමෙන් ඔබ දෙපොළ ලැබූ මුදල මෙපමණ දැ?” යි ඇසී ය. “එසේය, මුදල එපමණකි” යි ඕ පිළිතුරු දුන්නා ය.


ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානීව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න.


මන්ද මුදලට ආලය, සියලු ආකාර නපුරට මුල ය. ඇතමුන් ඇදහිල්ලෙන් මංමුළා වී, අනේක වේදනාවලින් තමන්ම සිදුරු කරගෙන සිටින්නේ මෙම තෘෂ්ණාව නිසා ය.