ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 28:26 - සිංහල කාලීන පරිවර්තනය

“ ‘මෙම ජනයා වෙත ගොස්, මෙසේ පවසන්න, “නිරතුරු ඔබ අසනු ඇත. එහෙත් වටහා ගන්නේ නැත; නිරතුරු ඔබ දකිනු ඇත. එනමුත් සිතට ගන්නේ නැත.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබගේ ජනතාව වෙත ගොස් මෙසේ කියන්න: ‘අස අසාත් ඔබ කිසි සේත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් කිසි සේත් නොපැහැදෙන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබගේ ජනතාව වෙත ගොස් මෙසේ කියන්න: ‘අස අසාත් ඔබ කිසි සේත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් කිසි සේත් නොපැහැදෙන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එනම්: නුඹ මේ සෙනඟ ළඟට ගොස් කථාකොට–ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; දැකීමෙන් දකින නුමුත් කිසිසේත් නොපැහැදෙන්නහුය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 28:26
20 හුවමාරු යොමු  

මන්ද, “ ‘නිබඳව ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිබඳව අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක.


එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “අහෝ! බුද්ධි හීන වූත්, දිවැසිවරුන් පැවසූ සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද වූත් තැනැත්තෙනි,


ඉන්පසු ශුද්ධ ලියවිලි වටහා ගත හැකි වන සේ ඔවුන්ගේ මනස විවර කළ උන්වහන්සේ,


එවිට උන්වහන්සේ, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් සෙසු අයට මා කතා කරන්නේ උපමා මඟිනි. ඒ, “ ‘පෙනි-පෙනීත් ඔවුන් නො දකින පිණිසත්, ඇසි-ඇසීත් ඔවුන්ට නො වැටහෙන පිණිසත්’ ය.


එබැවින් ඔවුහු එතැනින් බැහැරව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇතිව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි: