Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 28:26 - Sinhala New Revised Version 2018

26 ඔබගේ ජනතාව වෙත ගොස් මෙසේ කියන්න: ‘අස අසාත් ඔබ කිසි සේත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් කිසි සේත් නොපැහැදෙන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔබගේ ජනතාව වෙත ගොස් මෙසේ කියන්න: ‘අස අසාත් ඔබ කිසි සේත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් කිසි සේත් නොපැහැදෙන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 “ ‘මෙම ජනයා වෙත ගොස්, මෙසේ පවසන්න, “නිරතුරු ඔබ අසනු ඇත. එහෙත් වටහා ගන්නේ නැත; නිරතුරු ඔබ දකිනු ඇත. එනමුත් සිතට ගන්නේ නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එනම්: නුඹ මේ සෙනඟ ළඟට ගොස් කථාකොට–ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; දැකීමෙන් දකින නුමුත් කිසිසේත් නොපැහැදෙන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 28:26
20 හුවමාරු යොමු  

“මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.


එසේ වන්නේ: ‘දැක දැක නොදක්නා පිණිසත්, අස අසා වටහා නොගන්නා පිණිසත් ය. මන්ද, යම් හෙයකින් එසේ වුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසා ය.’ ”


එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට,


එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,


උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අබිරහස් පිළිබඳ අවබෝධය ඔබට දී ඇත. එහෙත්, දැක දැකත් නොදක්නා පිණිස ද අස අසාත් නොවටහාගන්නා පිණිස ද සෙසු අයට ඒවා උපමා මඟින් දෙනු ලැබේ.”


මෝඩ, තේරුම් නැති, ඇස් තිබෙන නමුත් නොදකින, කන් තිබෙන නමුත් නොඅසන ජනයෙනි,


එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත. ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”


එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි; ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.”


සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ. දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.


එහෙත්, ඒවා තේරුම්ගැනීමට සිත් ද දැකීමට නෙත් ද ඇසීමට කන් ද සමිඳාණන් වහන්සේ අද දක්වා ඔබට නුදුන් සේක.


ඔවුන් අතර මතභේද ඇති වූ බැවින් ඔව්හු යන්නට ගියහ. එසේ යන්නට පෙර පාවුලු මේ කරුණ කී ය. එනම්: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබේ පියවරුන්ට කී දේ කොපමණ සැබෑ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්