තවද පාවුල් සිර බාරයේ තබන ලෙසත්, තරමක නිදහසක් ඔහුට දෙන ලෙසත්, ඔහුගේ අවශ්‍යතා සොයා බලන්නට ඔහුගේ මිතුරන්ට තහනම් නො කරන ලෙසත්, සියයේ හේවාපන්න නිලධාරියකුට ඔහු නියෝග කළේ ය.
ක්‍රියා 25:4 - සිංහල කාලීන පරිවර්තනය පෙස්තුස් පිළිතුරු දෙමින්, “පාවුල් කායිසාරියේ රඳවා සිටියි. මමත් ඉක්මනින් එහි යෑමට අදහස් කරමි. Sinhala New Revised Version එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය. Sinhala New Revised Version 2018 එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය. Sinhala Revised Old Version නුමුත් පෙස්තුස් උත්තරදෙමින්: පාවුල් කායිසාරියෙහි හිරබාරේ සිටින බවත් තමාද ඉක්මනින් එහි යන්ට ඉන්න බවත් කීවේය. |
තවද පාවුල් සිර බාරයේ තබන ලෙසත්, තරමක නිදහසක් ඔහුට දෙන ලෙසත්, ඔහුගේ අවශ්‍යතා සොයා බලන්නට ඔහුගේ මිතුරන්ට තහනම් නො කරන ලෙසත්, සියයේ හේවාපන්න නිලධාරියකුට ඔහු නියෝග කළේ ය.
එහෙත් වසර දෙකකට පසු පීලික්ස්ගේ තනතුරට පොර්කියස් පෙස්තුස් පත්ව ආවේ ය. යුදෙව්වන් සතුටු කිරීමට කැමති වූ පීලික්ස්, පාවුල් සිරබාරයේම සිටින්නට හැරියේ ය.
“මා ඔවුන්ට කීවේ, යම් කෙනකු ඔහුගේ පැමිණිලිකරුවන්ට මුහුණට මුහුණ නො ගස්වා, ඔවුන්ගේ චෝදනා ගැන නිදහසට කරුණු දක්වන්නට ඔහුට අවස්ථාවක් නො දී, කිසිවකු දඬුවමට පාවා දීම රෝමවරුන්ගේ පිළිවෙත නො වන වගයි.
එබැවින් සුදුසු නායකයින් මා සමඟ ගොස්, ඒ මිනිසා අත යම් වරදක් වෙතොත්, ඔහුට එරෙහි චෝදනා එහිදී ඉදිරිපත් කරත්වා” යි පැවසී ය.
දින අටක්, දහයක් ඔවුන් අතරේ ගත කළ ඔහු ඉන්පසු කායිසාරියට ගියේ ය. පසු දින ඔහු අධිකරණ අසුනේ හිඳ, තමා ඉදිරියට පාවුල් ගෙන ඒමට අණ කළේ ය.
ඉන්පසු පිලිප් දක්නට ලැබුණේ අසෝතස්හි දී ය. එතැන් සිට කායිසාරියට පැමිණෙන තෙක්, හමු වූ සියලු නගරයන්හි ශුභාරංචිය දේශනා කරමින් ඔහු ගමන් ගත්තේ ය.