Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 25:16 - සිංහල කාලීන පරිවර්තනය

16 “මා ඔවුන්ට කීවේ, යම් කෙනකු ඔහුගේ පැමිණිලිකරුවන්ට මුහුණට මුහුණ නො ගස්වා, ඔවුන්ගේ චෝදනා ගැන නිදහසට කරුණු දක්වන්නට ඔහුට අවස්ථාවක් නො දී, කිසිවකු දඬුවමට පාවා දීම රෝමවරුන්ගේ පිළිවෙත නො වන වගයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මම ඔවුන්ට උත්තරදෙමින්: යම් වරද තබනු ලැබූවෙකු ඉදිරියට වරද තබන්නන් ගෙන්වා වරද ගැන උත්තරදීමට ඔහුට ඉඩදෙන්ට පළමුවෙන් ඔහු පාවාදීම රෝමයන්ගේ සිරිතක් නොවේයයි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 25:16
11 හුවමාරු යොමු  

“පළමුව කරුණු අසා, ඔහු කර ඇති දෑ විමසා මිස, අපේ නීතිය මිනිසකු විනිශ්චය කරනවා දැ?” යි ඇසී ය.


පසුව මේ මිනිසාට විරුද්ධව කුමන්ත්‍රණයක් ඇති වග දැනගන්නට ලැබුණු විගස මා වහා ඔබ වෙත ඔහු එවන්නට සැලසුවෙමි. තවද ඔහුට එරෙහිව ඇති චෝදනා ඔබට ඉදිරිපත් කරන ලෙස පැමිණිලිකරුවනට ද මම නියෝග කළෙමියි ඔහු ලියුවේ ය.


එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “ඔබ ගැන කරුණු කියන්නට ඔබට අවසර ඇතැ” යි පැවසී ය. එවිට පාවුල් අත ඔසවා මෙසේ තම නිදහසට කරුණු කියන්නට වන්නේ ය:


“සිනගෝග ඉදිරියටත්, පාලකයින් හා අධිපතීන් ඉදිරියටත් ඔබ පමුණුවනු ලැබූ කල, නිදහසට කරුණු දක්වන්නේ කෙසේ ද කියා හෝ කිව යුත්තේ කුමක් ද කියා හෝ කනස්සලු නො වන්න.


පාවුල් අමතමින්, “පැමිණිලිකරුවන් පැමිණි පසු ඔබේ නඩුව අසන්නම්” යි කීවේ ය. හෙරෝද්ගේ මාලිගාවේ ඔහු රඳවා තබන ලෙස ඔහු නියෝග කළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්