එනිසා මේ ගැන ඔබගේ අදහස් අපට කියන්න; සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ.
ක්‍රියා 25:12 - සිංහල කාලීන පරිවර්තනය එවිට පෙස්තුස් තම උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර්ගේ විනිශ්චය ඉල්ලුවේ ය; සීසර් වෙත ඔබ යනු ඇතැ” යි ප්‍රකාශ කළේ ය. Sinhala New Revised Version එවිට ෆෙස්තුස් උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලුවෙහි ය. ඔබ සීසර් අධිරාජයා වෙත යන්නෙහි ය”යි පාවුලුට කී ය. Sinhala New Revised Version 2018 එවිට ෆෙස්තුස් උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලුවෙහි ය. ඔබ සීසර් අධිරාජයා වෙත යන්නෙහි ය”යි පාවුලුට කී ය. Sinhala Revised Old Version එවිට පෙස්තුස් මන්ත්‍රණ සභාව සමඟ කථාකොට: නුඹ කායිසර්ගේ විනිශ්චය ඉල්ලුවෙහිය. කායිසර් ළඟට යන්නෙහියයි උත්තරදුන්නේය. |
එනිසා මේ ගැන ඔබගේ අදහස් අපට කියන්න; සීසර්ට බදු ගෙවීම නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ.
මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.
එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙසම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.
එහෙත් මා මරණ දඬුවමට සුදුසු වරදකරුවකු වේ නම්, මරණය ප්‍රතික්ෂේප නො කරමි. එහෙත් මට විරුද්ධව මේ යුදෙව්වන් නගන චෝදනා අසත්‍ය නම්, ඔවුන් අතට මා පාවා දීමේ අයිතියක් කිසිවකුටත් නැත. මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි” යි කීවේ ය.
එහෙත් පාවුල්, අධිරාජයාගේ තීන්දුවට නඩුව තබා ගන්නට ඉල්ලූ නිසා සීසර් වෙත යවන තෙක් ඔහු සිර බාරයේ තබන්නට මා අණ කළා” යි පැවසී ය.
“සීසර්ගේ විනිශ්චය නො ඉල්ලුවේ නම් මේ මිනිසා නිදහස් කර හරින්නට තිබිණැ” යි අග්‍රිපා පෙස්තුස්ට පැවසී ය.
අප ඉතාලිය බලා යාත්‍රා කළ යුතු යයි තීරණය වූ කල, පාවුල් හා තවත් සිරකරුවන් ඇතැම් දෙනකු අධිරාජ බලඇණියේ සියයේ සෙන්පතියකු වූ ජුලියස් භාරයට පත් කෙරිණි.
අප රෝමයට පැමිණි පසු, එක් හේවායකුගේ මුරකාව යටතේ තමන් කැමති තැනක සිටින්නට පාවුල්ට අවසර ලැබිණි.
මාගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මාගේ ශරීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණුවන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින්ම එඩිතරව සිටීම මාගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය.