ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 24:14 - සිංහල කාලීන පරිවර්තනය

කෙසේ වුව ද නිකායකැයි ඔවුන් හඳුන්වන මෙම ධර්ම-මාර්ගයේ අනුගාමිකයකු වශයෙන් මම, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට නමස්කාර කරන්නෙක් වග පිළිගනිමි. එසේම දහම් නීතියට අදාළ හැම දෙයක් ගැනත්, දිවැස්වැකිවල සඳහන් දෑ ගැනත් මම විශ්වාස කරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් ඔබ ඉදිරියෙහි දැන් මා කියන්නට යන මේ දේ එනම්, නිකායක් යයි ඔවුන් සලකන ධර්ම මාර්ගය මම තරයේ පිළිගනිමි: ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ ලියා තිබෙන සියල්ල විශ්වාස කරමින් අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට සේවය කරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් ඔබ ඉදිරියෙහි දැන් මා කියන්නට යන මේ දේ එනම්, නිකායක් යයි ඔවුන් සලකන ධර්ම මාර්ගය මම තරයේ පිළිගනිමි: ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ ලියා තිබෙන සියල්ල විශ්වාස කරමින් අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට සේවය කරමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් මේක ඔබ ඉදිරියෙහි ඒත්තුගනිමි: එනම්, ලබ්ධියක්යයි කියා ඔවුන් කියන්නාවූ මාර්ගය ලෙස මම අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට සේවයකරමි. ව්‍යවස්ථාවේද අනාගතවාක්‍යවලද ලියා තිබෙන සියල්ලත් විශ්වාස කරමි.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 24:14
44 හුවමාරු යොමු  

“මිනිසුන් ඉදිරියේ මා පිළිගන්නා හැම කෙනකුම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් පිළිගනිමි.


සමස්ත දහම් නීතියත්, දිවැසි වැකිත් රඳා පවත්නේ මෙම ආඥා දෙක මතයැ” යි පැවසූ සේක.


අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද, ඔබත් එලෙසම ඔවුනට කරන්න. මන්ද දහම් නීතියත්, දිවැසිවරුනුත් එයයි.


ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්,


“දහම් නීතියත්, දිවැසිවරුනුත් යොහන් දක්වා බලපැවැත්විණි. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කෙරේ. සියලු දෙනා බලයෙන් ඊට ඇතුළු වෙති.


“ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔවුන්ට මෝසෙස් හා දිවැසිවරුන් සිටිනවා; ඔවුහු ඔවුන්ට සවන් දෙත්වා’ යි කීවා.


මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක.


උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.


පිලිප්, නතානියෙල් හමු වී, “නීති සංග්‍රහයේ මෝසෙස් හා දිවැසිවරුන් සඳහන් කළ තැනැත්තා අපට හමු වුණා; ඔහු යෝසෙප්ගේ පුත්‍ර නාසරෙත්හි යේසුස්වහන්සේ” යි කීවේ ය.


සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.


දහම් නීතියෙන් හා දිවැසිවරුන්ගෙන් කියවූ පසු, සිනගෝග නිලධාරීහු ඔවුන්ට පණිවුඩයක් එවමින්, “සහෝදරයිනි, ජනයා දිරි ගන්වන යම් උපදෙසක් ඇතොත් පවසන්නැ” යි දැන්වූහ.


එවිට පරිසිවරුන්ගේ නිකායට අයත් ඇදහිලිවත් ඇතමෙක් නැගිට, “අන්‍ය-ජාතීන් ද චර්ම-ඡේදනය ලැබිය යුතු ය; මෝස‍ෙස්ගේ දහම් නීති පිළිපැදිය යුතු යැ” යි පැවසූහ.


මෙකල ධර්ම-මාර්ගය ගැන මහත් කැලඹීමක් හට ගැනිණි.


එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් අදහා ගැනීම ප්‍රතික්ෂේප කරමින්, මුරණ්ඩුව ඒ ධර්ම-මාර්ගයට අවමන් කළහ. එවිට පාවුල් ඔවුන්ගෙන් වෙන්ව, ගෝලයින් කැටිව, තුරානස්ගේ දේශන ශාලාවෙහි දිනපතා තර්ක කරමින් සිටියේ ය.


“එවිට ඔහු, ‘අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත්, ධාර්මික තැනැත්තාණන් දැක ගැනීමටත්, උන්වහන්සේගේ මුවින් පවසන වචන ඇසීමටත් ඔබ තෝරා ගෙන තියෙනවා;


ධර්ම-මාර්ගය ගැන මැනවින් දැන සිටි පීලික්ස් නඩු වාරය නිම කරමින්, “සෙන්පති ලිසියස් පැමිණි පසු මම ඔබේ නඩුව තීන්දු කරමි” යි කීවේ ය.


“මේ මිනිසා ලොව පුරා යුදෙව්වන් කැරලිකාරකමට පොලඹවන අයෙක් බව අපි දැන ගතිමු. ඔහු නාසරීනු නිකායේ කල්ලි නායකයෙක්.


පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වන්ගේ දහම් නීතියට විරුද්ධව හෝ දේව මාලිගාවට විරුද්ධව හෝ සීසර්ට විරුද්ධව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය.


එහෙත් මේ අද දවස දක්වා දෙවියන්වහන්සේගේ පිළිසරණ ලැබ, මෙසේ මෙතැන සිටගෙන, උසස් පහත් දෙගොල්ලන්ටම එක සේ සාක්ෂි දරමි. මා පවසන්නේ දිවැසිවරුන් හා මෝසෙස් මතු සිදු වෙතැයි කී දේ මිස, ඊට වැඩි යමක් නො වේ.


අග්‍රිපා රජතුමනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරනවා නො වේ ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි” යි කීවේ ය.


“බාල කාලයේ පටන් මගේ කල් ක්‍රියාව ගැන, මුල් අවදියේ මගේ රටේදීත්, යෙරුසලමේදීත් මගේ පැවැත්ම ගැන, සියලු යුදෙව්වෝ දනිති.


අද මා මෙසේ විභාග කරනු ලබන්නට හේතුව, අපගේ පියවරුනට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව ගැන ඇති මගේ බලාපොරොත්තුවයි.


එහෙත් ඔබේ මතය අසා දැනගන්නට අපි කැමතියි; මොකද මේ නිකායට එරෙහිව හැම තැනකම කතා කෙරෙන වග අප දන්නවා” යි කීහ.


පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහය හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය.


ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.


ඔබ විසින් ගසක එල්ලා මරා දමන ලද යේසුස්වහන්සේ, අපගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ නැගිට වූ සේක.


‘ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ මම ය.’ මෝසෙස් වෙවුලන්නට වී, තවත් ඒ දෙස බලන්නටත් බය විය.


දමස්කයේ මෙම ධර්ම-මාර්ගයට අයත් ස්ත්‍රී පුරුෂයින් හමු වුවහොත්, ඔවුන් සිරබාරයට ගෙන, යෙරුසලමට ගෙනෙනු පිණිස, දමස්කයේ සිනගෝග වෙත ලිපි ඉල්ලා ගත්තේ ය.


මා නොකඩව ඔබ සිහි කරන වගට මාගේ සාක්ෂිය, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශුභාරංචිය තුළ මාගේ ආත්මයෙන් මා සේවය කරන දෙවියන්වහන්සේ ය.


එහෙත් දැන් දහම් නීතියෙන් තොරව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරවු කර තිබේ. දහම් නීතිය හා දිවැසිවරුන් ඊට සාක්ෂි දරන නමුදු,


ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.


පිළිම වැඳීම, මන්තර ගුරුකම්, හතුරුකම, කලහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, භේද-භින්න, අසමඟිය, පිල් බෙදීම්,


දිවා හා රැයේ මාගේ යාච්ඤාවලදී නිබඳව ඔබ සිහි කරමින්, මාගේ මුතුන් මිත්තන් කළ සේ පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතුව, මා සේවය කරන දෙවියන්වහන්සේට මම ස්තුති පුදමි.


බෙදීම් ඇතිකරන්නාට වරක් දෙවරක් අවවාද කිරීමෙන් පසු ඔහුගෙන් අහක් වෙන්න.


ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි.


එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.