ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 22:7 - සිංහල කාලීන පරිවර්තනය

මා බිම ඇද වැටුණා; එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?’ යි පවසන කටහඬක් මට ඇසුණා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම බිම වැටුණෙමි. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ’යි කියන හඬක් ඇසුණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම බිම වැටුණෙමි. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ’යි කියන හඬක් ඇසුණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම බිම වැටුණෙමි. එවිට සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි මට කියන හඬක් ඇසුණේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 22:7
15 හුවමාරු යොමු  

“එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මොවුන්ගෙන් කුඩාම කෙනකුට ඔබ යමක් නො කළේ වේ ද, ඔබ එය නො කළේ මට යැ’ යි පවසනු ඇත.


“ඇයි? ඔහු මොන අපරාධයක් කළාට දැ?” යි පිලාත් ඇසී ය. එහෙත් ඔවුහු, “ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කියමින් ඝෝෂා කළහ.


“මද්දහන පමණ වන විට මා දමස්කය වෙත ආසන්න වෙත්ම, එක්වරම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් මා වටා බැබළුණු.


“ ‘ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?’ යි මා ඇසුවා. “උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘ඔබ විසින් වධ හිංසා කරන නාසරෙත්හි යේසුස් මමයි’ කීවා.


ඔහු බිම පතිත විය. එවිට, “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?” යි පවසන කටහඬක් ඔහුට ඇසිණි.


ඉහතදී මා උන්වහන්සේට එරෙහි දේවාපහාසිකයකු, හිංසකයකු හා සැහැසි විරුද්ධවාදියකුව සිටියදී ය; එහෙත්, එකල මා ක්‍රියා කළේ නො දැනුවත්කමින් හා මිථ්‍යා දෘෂ්ටිකව බැවින් මම දයාව ලදිමි.