Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 9:4 - සිංහල කාලීන පරිවර්තනය

4 ඔහු බිම පතිත විය. එවිට, “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?” යි පවසන කටහඬක් ඔහුට ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔහු බිම වැටුණේය, එවිට: සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාදැයි තමාට කියන හඬක් ඔහුට ඇසුණේය. ස්වාමිනි, ඔබ කවුදැයි ඔහු ඇසීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:4
22 හුවමාරු යොමු  

බොහෝ අවයව තිබුණත්, ශරීරය තනි එකකි. ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත්, එක ශරීරයක් වන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත් එසේම ය.


එබැවින්, දෙවියන්වහන්සේගේ කාරුණික භාවයත්, දැඩි භාවයත් කල්පනාවට ගන්න. වැටී ගියවුන් වෙත දැඩි භාවය ය; උන්වහන්සේගේ කරුණාවෙහි ඔබ පැවත සිටින්නේ නම්, ඔබට දෙවියන්වහන්සේගේ කාරුණික භාවය ය. එසේ නො වුවහොත්, ඔබ ද කපා දැමේ.


මන්ද උන්වහන්සේගේ සිරුරේ අවයව අප ය.


මන්ද ඔබ තුළ යම් වෙනසක් දකින්නේ කවුරු ද? ඔබට දෙන ලද දේ හැරෙන්නට ඔබට ඇත්තේ මොනවා ද? එසේ එය ඔබට දෙන ලද්දේ නම්, එය නො ලද සේ පුරසාරම් දොඩන්නේ ඇයි?


ඔවුන් ආහාර ගත් පසු, සීමොන් පේතෘස් ඇමතූ යේසුස්වහන්සේ, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, මේ අයට වඩා ඔබ මට ප්‍රේම කරනවා දැ?” යි ඇසූ සේක. ඔහු පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, මා ඔබට ප්‍රේම කරන වග ඔබ දන්නවා” යි උන්වහන්සේට කීවේ ය. “මගේ බැටළු පැටවුන් පෝෂ්‍ය කරන්නැ” යි උන්වහන්සේ ඔහුට පැවසූ සේක.


“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ මේ සහෝදරයින්ගෙන් කුඩාම කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.


එවිට යේසුස්වහන්සේ, “මරියා!” යි ඇය ඇමතූ සේක. එදෙස හැරුණු මරියා, “රබ්බෝනි!” යි උන්වහන්සේට කීවා ය. (හෙබ්‍රෙව් බසින් රබ්බෝනි, ගුරුතුමනි යනුයි.)


යේසුස්වහන්සේ, “ඒ මම යැ” යි ඔවුන්ට කී කල, ඔවුහු පස්සෙන් පස්සට ගොස්, බිම ඇද වැටුණහ.


එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කනස්සලු වෙමින්, නො සන්සුන් වෙලා.


එකෙණෙහිම ඔහුගේ පාමුල ඇද වැටුණු ඕ මළා ය. එවිට ඇතුළට පිවිසි තරුණයෝ ඈ මිය ගොස් සිටිනු දැක, ඇගේ මිනිය පිටතට ගෙන ගොස්, ඇගේ ස්වාමි පුරුෂයා පසෙකින් ඇය වළ දැමූහ.


“ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?” යි ඔහු ඇසී ය. “ඔබ විසින් වධ හිංසා කරනු ලබන යේසුස් මම යැ” යි පැවසූ උන්වහන්සේ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්