ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 22:17 - සිංහල කාලීන පරිවර්තනය

“මා යෙරුසලමට ආපසු ඇවිත්, දේව මාලිගයේ යාච්ඤා කරමින් සිටියා. එසේ සිටියදී මා දැහැනකට වැටී,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“තවද මම ජෙරුසලමට හැරී අවුත් දේව මාලිගාවේ දී ධ්‍යානශීලී ව යාච්ඤා කරමින් සිටිය දී දර්ශනයක් දුටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“තවද මම ජෙරුසලමට හැරී අවුත් දේව මාලිගාවේ දී ධ්‍යානශීලී ව යාච්ඤා කරමින් සිටිය දී දර්ශනයක් දුටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද මම යෙරුසලමට නැවත ඇවිත් දේවමාළිගාවෙහි යාච්ඤාකරමින් සිටියදී මූර්ඡාවුණෙමි.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 22:17
8 හුවමාරු යොමු  

පළමුව දමස්කයේ සිටින්නන්ටත්, ඉන්පසු යෙරුසලමෙහි හා යුදය රට මුළුල්ලෙහි ද සිටින්නන්ටත්, එසේම විදේශීන්ටත් දේශනා කරමින්, ඔවුන් පසුතැවිලි විය යුතු වගත්, එසේ පසුතැවිලි වූ වග තම ක්‍රියා කලාපය තුළින් පෙන්විය යුතු වගත් ප්‍රකාශ කළෙමි.


අනුහස් ලකුණු හා පුදුමවල බලයෙන් ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලයෙන් ද එසේ කළේ, යෙරුසලමේ සිට ඉල්ලිරිකුම් දක්වා වූ සියලු පළාත්හි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචි සේවය සම්පූර්ණ කිරීමෙනි.


එයින් තුන් වසරකට පසුව, කේපස් බැහැ දැකීමට මම යෙරුසලමට ගොස්, ඔහු සමඟ පහළොස් දවසක් ගත කළෙමි.


එය නම්, දැනටමත් ලුහුඬින් මා ඔබට ලියා ඇති පරිදි, එළිදරවු කිරීම මඟින් මට දැනගන්නට සලසන ලද අබිරහසයි.


ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි.