පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි.
ක්‍රියා 2:40 - සිංහල කාලීන පරිවර්තනය ඔහු තවත් බොහෝ වචනවලින් සාක්ෂි දරමින්, ඔවුන්ට අවවාද කරමින්; “මේ දූෂිත පරම්පරාවෙන් ගැලවෙන්නැ” යි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ ය. Sinhala New Revised Version ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, “මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, “මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය. Sinhala Revised Old Version වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය. |
පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි.
දුෂ්ටවූත්, පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ” යි කී සේක. ඉන්පසු උන්වහන්සේ ඔවුන් හැර ඉවත්ව ගිය සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “අහෝ! ඇදහිලි හීන හිතුවක්කාර පරම්පරාව, තව කොතෙක් කලක් මා ඔබ සමඟ සිටින්න ද? තව කොතෙක් කලක් ඔබ ගැන ඉවසා සිටින්න ද? ඔහු මා ළඟට මෙහි ගෙනෙන්නැ” යි කී සේක.
මේ පරදාරික, පාපිෂ්ඨ පරම්පරාවේ යමෙක් මා ගැනත්, මාගේ වචන ගැනත් ලජ්ජා වන්නේ නම්, මනුෂ්‍ය පුත්‍රයාණන් ද තම පියාණන්ගේ තේජසින් ද, තම ශුද්ධ දේව දූතයින් ද සමඟ එන කල, ඒ තැනැත්තා ගැන ලජ්ජා වනු ඇතැ” යි පැවසූ සේක.
මන්ද මට සහෝදරයෝ පස් දෙනකු ඉන්නවා. මෙහි වධ විඳින්නට මෙහි නො එන ලෙසට ඔවුන්ට අවවාද කරත්වා’ යි ඉල්ලී ය.
සිදුවන්නට තිබෙන ඒ සියල්ලෙන් බේරී, ගැලවී යන්නට හා මනුෂ්‍ය පුත්‍රයාණන් ඉදිරියේ සිටගන්නට හැකි වන්නට ශක්තිය ලබන පිණිස, යාච්ඤා කරමින්, නිරතුරු අවදියෙන් සිටින්නැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ කළ තවත් බොහෝ දේ වෙයි. ඒවා එකින් එක ලියන ලද්දේ නම්, එසේ ලියනු ලබන පොත් දරන්නට මුළු ලෝකයම වුවත් මදි යයි මට සිතේ.
ජීවතුන්ගේ ද මළවුන්ගේ ද විනිසුරුවාණන් වශයෙන් දෙවියන්වහන්සේ විසින් පත් කරන ලද තැනැත්තාණෝ උන්වහන්සේම බවට ජනයාට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දරන්නටත් උන්වහන්සේ අපට අණ කළ සේක.
දිවැසිවරුන් වූ යූදස් හා සීලස් සහෝදරයින් ධෛර්යවත් කරමින් හා ඔවුන් ශක්තිමත් කරමින් බොහෝ දෑ පැවසූහ.
ඉන්පසු නැවතත් උඩු මහලට ගිය ඔහු රොටි කඩා අනුභව කළේ ය. පාවුල් පිටත්ව ගියේ, පසු දිනට පහන් වන තෙක්ම ඔවුන් හා කතා කළ පසුව ය.
යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.
කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.
යුතිකස් නම් තරුණයෙක් ජනෙල් පඩිය මත හිඳ, නිදි කිරමින් සිටියේ ය. පාවුල් දිගටම කතා කරගෙන යද්දී, තද නින්දට පත් හෙතෙම තෙවන මහලේ සිට ඇද වැටිණි. ඔහු එසවූ කල මැරී සිටියේ ය.
පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝසෙස්ගේ දහම් නීති සංග්‍රහය හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය.
අපෝස්තුලුවරුන් විසින් බාර්ණබස් යයි හැඳින් වූ (එහි අරුත දිරි ගන්වන පුත්‍රයා යනුයි) යෝසෙප් නම් මිනිසෙක් විය. ලෙවී වාංශිකයෙක් වූ ඔහු සයිප්‍රස් වැසියෙකි.
එබැවින් අප, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා තානාපතීන් ය; දෙවියන්වහන්සේ, අප මඟින් තම ආයාචනා ඉදිරිපත් කරන සේක. දෙවියන්වහන්සේ හා සමඟි වන ලෙස ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් අපි ඔබගෙන් අයදින්නෙමු.
එබැවින්, “ඔවුන් අතරින් පිටතට ඇවිත්, ඔවුන් වෙතින් වෙන්ව සිටින්නැ” යි, ස්වාමින්වහන්සේ කියන සේක. “කිසි අපවිත්‍ර දෙයකට අත නො ගසන්න, එවිට මම ඔබ පිළිගන්නෙමි.”
යළිත් මා ඔබට සහතික කොට කියන්නේ, තමන් චර්මඡේද කරවා ගන්නා හැම මිනිසකුම, සමස්ත දහම් නීතිය පිළිපැදීමේ බැඳීමකට යටත් බවයි.
එබැවින් මා ඔබට කියන්නේත්, ස්වාමින්වහන්සේ තුළ තරයේම ඔබෙන් ඉල්ලන්නේත්, තවදුරටත් අන්‍ය-ජාතීන් මෙන් තම නිස්සාර කල්පනා අනුව ජීවිතය ගත නො කරන ලෙසයි.
එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂීව හා පවිත්‍රව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය.
ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරික්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත.
විශ්වාසී සහෝදරයෙකැයි මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන්, ඔබ දිරි ගන්වමින්, දෙවියන්වහන්සේගේ යථා අනුග්‍රහය මේ යයි සාක්ෂි දෙමින් මම ඔබට ලීවෙමි. අනුග්‍රහයේ ස්ථාවරව පිහිටා සිටින්න.