ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 19:24 - සිංහල කාලීන පරිවර්තනය

දෙමිත්‍රියස් නම් රිදීකරු, අර්තෙමිස් දේවතාවියගේ රිදී පිළිම-කූඩු සෑදීමෙන් රිදී කර්මාන්ත ශිල්පීනට සලසා දුන්නේ සුළු පටු ව්‍යාපාරයක් නො වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද අර්තෙමිස්ගේ දේවාලයේ රිදී රූප සාදන්නාවූ දෙමේත්‍රියස් නම් රිදී කරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවාදුන්නේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 19:24
8 හුවමාරු යොමු  

වරක්, යාච්ඤා පැවැත්වෙන තැනට අප යද්දී එක් වහල් කෙල්ලක් අපට මුණ ගැසිණි. පේන කීමේ ආත්මයක් වැහී සිටි ඈ ශාස්ත්‍ර කීමෙන් ඇගේ හාම්පුතුනට මුදල් සම්භාරයක්ම උපයා දුන්නා ය.


එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන්ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ.


ඔවුන් ද එම කර්මාන්තයට අදාළ අනිකුත් ශිල්පීන් ද එක්රැස් කළ හෙතෙම, “මිනිසුනි, මේ ව්‍යාපාරයෙන් අපට හොඳ ආදායම් ලැබෙන බව ඔබ දන්නවා.


දෙමිත්‍රියස් හා ඔහුගේ මිත්‍ර කර්මාන්තකරුවන් අත යම් කෙනකුට විරුද්ධව යම් පැමිණිල්ලක් ඇත්නම්, ඒ සඳහා උසාවි යා හැකියි; නඩු විසඳන බලධරයින් සිටී. තම පැමිණිලි කරන්නට ඔවුන්ට පුළුවන්.