Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 19:24 - Sinhala Revised Old Version

24 මක්නිසාද අර්තෙමිස්ගේ දේවාලයේ රිදී රූප සාදන්නාවූ දෙමේත්‍රියස් නම් රිදී කරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවාදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 දෙමිත්‍රියස් නම් රිදීකරු, අර්තෙමිස් දේවතාවියගේ රිදී පිළිම-කූඩු සෑදීමෙන් රිදී කර්මාන්ත ශිල්පීනට සලසා දුන්නේ සුළු පටු ව්‍යාපාරයක් නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මන්ද, අර්තෙමිස්ගේ දේවාලයයේ රිදී රූප සාදන දෙමෙත්‍රියස් නම් රිදී කලාකරුවෙක් කර්මාන්තකාරයන්ට බොහෝ ලාභ උපදවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 19:24
8 හුවමාරු යොමු  

අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය.


නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්,


ඔහු ඔවුන්ද එබඳුවූ කර්මාන්තකාරයන්ද රැස්කරවා: මහත්වරුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව නුඹලා දන්නහුය.


එහෙයින් යමෙකුට විරුද්ධව දෙමේත්‍රියස්ගේද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේද පැමිණිල්ලක් ඇත්නම්, නඩු දවස් තිබේ, අධිපතියෝද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධව පැමිණිලිකරත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්