ක්‍රියා 19:20 - සිංහල කාලීන පරිවර්තනය ස්වාමින්වහන්සේගේ වචනය මේ අන්දමින් වඩ වඩා පැතිරිණි; බලයෙන් ද සපිරිණි. Sinhala New Revised Version මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය. Sinhala New Revised Version 2018 මෙසේ සමිඳාණන් වහන්සේගේ වචනය බලවත් සේ වැඩී පැතිරී ගියේ ය. Sinhala Revised Old Version එපමණ බලගතු ලෙස ස්වාමීන්වහන්සේගේ වචනය වර්ධනයවී, බලවත්වුණේය. |
සිදු වූ දේ දුටු පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ල වැලඳ ගත්තේ ය. මන්ද ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔහු විස්මපත් විය.
දෙවසරක කාලයක් එලෙසින් සිදු විය. මෙසේ ආසියා කලාපයේ විසූ යුදෙව් හා ග්‍රීක ජාතිකයින් හැමදෙනා ස්වාමින්වහන්සේගේ වචනය ඇසූහ.
මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයින්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.
අවසන් වශයෙන් සහෝදරයිනි, ස්වාමින්වහන්සේගේ වචනය ඔබ අතරේ මෙන් සීඝ්‍රයෙන් පැතිරෙනු සඳහාත්, ගෞරවයට පාත්‍ර වනු සඳහාත් අප උදෙසා යාච්ඤා කරන්න.