ක්‍රියා 17:23 - සිංහල කාලීන පරිවර්තනය ඔබේ නමස්කාරයට පාත්‍ර වූ වස්තූන් ඕනෑකමින් බලමින් මා ඒ මේ අත යද්දී, නාම පුවරුවක් ඇති පූජාසනයක් දැක්කා: නාඳුනන දෙවියකුට ය. දැන් මා ඔබට ප්‍රකාශ කරන්නට යන්නේ එසේ නෑඳින ඔබ නමස්කාර කරන දේ ගැනයි. Sinhala New Revised Version ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර, ‘නාඳුනන දෙවියන්ට ය’ යන ලේඛනයක් ඇති පූජාසනයක් ද දිටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි. Sinhala New Revised Version 2018 ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර, ‘නාඳුනන දෙවියන්ට ය’ යන ලේඛනයක් ඇති පූජාසනයක් ද දිටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි. Sinhala Revised Old Version මක්නිසාද මා නුඹලාගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර: නාඳුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි. එබැවින් නුඹලා නොදන්නාකමින් නමස්කාරකරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශකරමි. |
“ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝ වැසියන් ඔබ හැඳින ගත්තේ නැති නමුදු, මම ඔබ හැඳින ගත්තෙමි. ඔබ මා එවූ බව මොවුහු ද දැන ගත්හ.
සදාතන ජීවනය මෙයයි; එකම, සත්‍යම දෙවියන්වහන්සේ වන ඔබ හා ඔබ එවූ තැනැත්තාණන් වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් හැඳින ගැනීමයි.
ඔබ නමස්කාර කරන්නේ, ඔබ නො දන්නා දේටයි; අප නමස්කාර කරන්නේ, අප දන්නා දේටයි. මන්ද ගැලවීම යුදෙව්වන් වෙතින්;
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා විසින්ම මා මහිමයට පත් කරගන්නවා නම්, මගේ ඒ මහිමයේ වටිනාකමක් නැහැ. මා මහිමයට පමුණුවන්නේ ඔබ ඔබගේ දෙවියන්වහන්සේ යයි කියන මගේ පියාණන්වහන්සේයි.
නො දැනුවත්කමේ කාලවලදී දෙවියන්වහන්සේ ඒ ගැන නො සැලකූ නමුත් දැන් හැම තැන, හැම ජන කොටසකටම පසුතැවිලි වන්නට අණ කරන සේක.
තවද දෙවියන්වහන්සේ තම අවබෝධයෙහි රඳවා ගැනීම වටනේයයි ඔවුන් නො සිතූ බැවින්, නො කළ යුතු දෑ කරන පිණිස, නීච මනසකට දෙවියන්වහන්සේ ඔවුන් අත්හළ සේක.
මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා තම ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේ නො හැඳින්න බැවින්, අප දේශනා කරන අඥානකම මඟින් අදහන්නන් ගැලවීමට දෙවියන්වහන්සේ සතුටු වූ සේක.
ස්වර්ගයේ හෝ පොළොවේ දෙවිවරුන් ය කියනු ලබන්නන් සිටියත්, සැබවින් ම කියතහොත් එවැනි “දෙවිවරුන්” හා “ස්වාමිවරුන්” අපමණවත් ඇත,
එකල ඔබ ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල් පුරවැසි භාවයට පිටස්තරයින්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට පරදේශිකව, බලාපොරොත්තු රහිතව, දෙවියන්වහන්සේගෙන් තොරව ලෝකයේ සිටි හැටි සිහි කරන්න.
දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමාම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි.
අජරාමර, අදෘශ්‍යමාන, එකම දෙවියන්වහන්සේ වූ සදාතනික රජතුමන්හට සදහට ම, ගෞරවයත්, මහිමයත් වේවා! ආමෙන්.
තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.