ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 17:22 - සිංහල කාලීන පරිවර්තනය

එවිට පාවුල් අරියෝපග රැස්වීම් සභාව ඉදිරියේ නැගිට, මෙසේ පැවසී ය: “ඇතන්ස්හි මිනිසුනි! ඔබ හැම අතින්ම ආගම දහමට ලැදි අය බව මට පෙනේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට පාවුලු, අරියෝපග ශාලාව මැද සිට මෙසේ දෙසී ය: “ඇතන්ස් වැසියෙනි, ඔබ හැම අතින් ම ආගම ධර්මයට ලැදිකම් ඇති අය බව මට පෙනේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට පාවුලු, අරියෝපග ශාලාව මැද සිට මෙසේ දෙසී ය: “ඇතන්ස් වැසියෙනි, ඔබ හැම අතින් ම ආගම ධර්මයට ලැදිකම් ඇති අය බව මට පෙනේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට පාවුල් ඇරියෝපගය මැද සිට කියනුයේ: අතීනසයේ මනුෂ්‍යයෙනි, දෙවිවරුන් ඇදහීමට නුඹලා ලැදිව සිටින බව සියලු කාරණාවලදී මට පෙනේ.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 17:22
8 හුවමාරු යොමු  

පාවුල් ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වාම ඔහු හා ගියහ. ඔවුන් ආපසු හැරී ආවේ, හැකි ඉක්මනින් තමා හා එක් වන ලෙස සීලස්ටත්, තිමෝතිටත් ඔහු දුන් උපදෙස් ද රැගෙන ය.


ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාවුල් ඇතන්ස්හි නතරව සිටියදී, නගරය පුරා දේව පිළිම දක්නට ලැබීමෙන් ඔහුගේ ආත්මය මහත් සේ සසල විය.


එබැවින් ඔවුහු අරියෝපග රැස්වීම් සභාවට පාවුල් අල්ලාගෙන ගොස්, “ඔබ හඳුන්වා දෙන මේ අලුත් ඉගැන්වීම අපටත් දැනගත හැකි ද?


ස්වල්ප දෙනෙක් ඔහුට එකතු වී අදහා ගත්හ. අරියෝපග සාමාජික දියෝනිසියස් ද දමරිස් නම් වූ ස්ත්‍රියක් ද තවත් ගණනාවක් ද ඒ අතර වූහ.


රැස්ව සිටි සෙනඟ සන්සුන් කළ නගර ලේකම්, “එපීස වැසියනි, ශ්‍රේෂ්ඨ අර්තෙමිස්ගේ දේවාලයේ ද අහසින් වැටුණු ඇගේ ප්‍රතිමාවේ ද ආරක්ෂකයා මේ එපීසය නගරය බව නො දන්නේ කවුරු ද?


ඒ වෙනුවට ඔවුන්ට වූයේ ඔවුන්ගේ ආගම පිළිබඳව හා ජීවත්ව සිටිතැයි පාවුල් අවධාරණ කරන යේසුස් නම් මිය ගිය කෙනකු පිළිබඳ තර්කයට කරුණුයි.