Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 17:34 - සිංහල කාලීන පරිවර්තනය

34 ස්වල්ප දෙනෙක් ඔහුට එකතු වී අදහා ගත්හ. අරියෝපග සාමාජික දියෝනිසියස් ද දමරිස් නම් වූ ස්ත්‍රියක් ද තවත් ගණනාවක් ද ඒ අතර වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එහෙත් සමහර අය ඔහුට එකතු වී අදහා ගත්හ. ඔවුන් අතරෙහි අරියෝපගීය දියෝනිසියස් ද දමරිස් නම් ස්ත්‍රියක් ද තවත් අය ද වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එහෙත් සමහර අය ඔහුට එකතු වී අදහා ගත්හ. ඔවුන් අතරෙහි අරියෝපගීය දියෝනිසියස් ද දමරිස් නම් ස්ත්‍රියක් ද තවත් අය ද වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 නුමුත් සමහර මනුෂ්‍යයෝ ඔහුට එකතුවී අදහාගත්තෝය. ඔවුන් අතරෙහි ඇරියෝපගිය දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 17:34
11 හුවමාරු යොමු  

එබැවින් ඔවුහු අරියෝපග රැස්වීම් සභාවට පාවුල් අල්ලාගෙන ගොස්, “ඔබ හඳුන්වා දෙන මේ අලුත් ඉගැන්වීම අපටත් දැනගත හැකි ද?


ඔවුන්ගෙන් ඇතමකුට ඒ කියමන ඒත්තු ගන්වන ලදින්, ඔවුහු පාවුල්ට හා සීලස්ට එකතු වූහ. දේව භක්තික ග්‍රීක ජාතිකයින් බොහෝ දෙනෙක් ද කුල ස්ත්‍රීන් කීප දෙනෙක් ද එසේම ඔවුන්ට එක් වූහ.


අන්‍ය-ජාතීහු ඒ ඇසූ කල, ස්වාමින්වහන්සේගේ වචනයෙහි ප්‍රමෝද වීමටත්, ඊට ගෞරව මහිම දීමටත් වන්හ. සදාතන ජීවනයට තෝරාගනු ලැබූ සියල්ලෝ අදහා ගත්තෝ ය.


සියලු ශුද්ධවන්තයෝ ද, විශේෂයෙන්ම සීසර් මාලිගයේ සිටින ශුද්ධවන්තයෝ ද ඔබට ආචාර කරති.


එවිට පාවුල් අරියෝපග රැස්වීම් සභාව ඉදිරියේ නැගිට, මෙසේ පැවසී ය: “ඇතන්ස්හි මිනිසුනි! ඔබ හැම අතින්ම ආගම දහමට ලැදි අය බව මට පෙනේ.


“මෙසේ අන්තිමයින් ප්‍රථමයින් ද ප්‍රථමයින් අන්තිමයින් ද වනු ඇතැ” යි පැවසූ සේක.


මේ අවස්ථාවේ පාවුල් රැස්වීමෙන් ඉවත්ව ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්