මෙන්න! මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවන්නෙමි. එහෙත් ඉහළින් එන බලයෙන් ඔබ සරසනු ලබන තෙක්, පුරවරය තුළම නැවතී සිටින්නැ” යි පැවසූ සේක.
ක්‍රියා 16:7 - සිංහල කාලීන පරිවර්තනය මිසියේ සීමාවට පැමිණි ඔවුහු බිතිනිය වෙත යන්නට උත්සාහ ගත් නමුදු, යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඊට ද ඉඩ නුදුන් සේක. Sinhala New Revised Version ඔව්හු මිසියේ සීමාව තෙක් අවුත්, බිතිනියට යන්නට උත්සාහ කළහ. එහෙත් ජේසුස් වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්හ. Sinhala New Revised Version 2018 ඔව්හු මිසියේ සීමාව තෙක් අවුත්, බිතිනියට යන්නට උත්සාහ කළහ. එහෙත් ජේසුස් වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්හ. Sinhala Revised Old Version ඔව්හු මිසිය ඉදිරියට ඇවිත්, බිතිනියට යන්ට උත්සාහකළෝය; නුමුත් යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඔවුන්ට ඉඩ නුදුන්සේක. |
මෙන්න! මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවන්නෙමි. එහෙත් ඉහළින් එන බලයෙන් ඔබ සරසනු ලබන තෙක්, පුරවරය තුළම නැවතී සිටින්නැ” යි පැවසූ සේක.
කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළ වසන සේක් නම්, ඔබ මාංසය තුළ නො ව, ආත්මයාණන් තුළ ය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් නැති කවරකු වුවත්, උන්වහන්සේට අයිති නැත.
ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක.
මන්ද ඔබගේ යාච්ඤා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් දෙන ලද උපකාර ද නිසා, ඒ දෑ මගේ නිදහසට හේතු වන බැව් මා දන්නා බැවිනි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පේතෘස් වෙතින්, පොන්තස්, ගලාතිය, කප්පදෝකිය, ආසියා හා බිතිනියෙහි විසිර, විදේශීව වෙසෙන,
ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි.