Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 8:29 - සිංහල කාලීන පරිවර්තනය

29 “ඒ රථය වෙත ගොස් එක් වන්නැ” යි පිලිප්ට ශුද්ධාත්මයාණෝ පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, “ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, “ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 එවිට ආත්මයාණන්වහන්සේ පිලිප්ට කථාකොට: නුඹ මේ රථය ළඟට ගොස් එක්වෙයන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 8:29
16 හුවමාරු යොමු  

පේතෘස් තමා දුටු දර්ශනය ගැන සිත සිතා සිටියදී, ආත්මයාණන්වහන්සේ ඔහුට කතා කොට, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයා ඇවිත්;


‘ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්නැ’ යි ආත්මයාණන්වහන්සේ මට කීවා. මෙම සහෝදරයින් හයදෙනා ද මා සමඟ ගමනට සහභාගි වුණා. මෙසේ අප ඒ මිනිසාගේ ගෙදරට ඇතුළු වුණා.


ආත්මයාණන්වහන්සේ පැහැදිලිව පවසා සිටින්නේ, පසු කාලෙක ඇතමුන් ඇදහිල්ල අතහැර, මුළා කරවන ආත්ම හා යක්ෂාත්මයින්ගේ ඉගැන්වීම්වලට අනුව ගමන් කරන බව ය.


අප වෙත පැමිණ, පාවුල්ගේ ඉඟ පටිය ගෙන, ඉන් තම අත් හා පා බැඳ, “යෙරුසලමේ යුදෙව්වන් මේ ඉඟ පටිය හිමි තැනැත්තා මේ අයුරින්ම බැඳ, විජාතීන් අතට පාවා දෙනු ලබන බව ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන සේකැ” යි කීවේ ය.


ස්වකීය අභිමතය පරිදි එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් මේ සියල්ල බෙදා, වෙන් කර දී, බලය පවරා දෙන්නේ ඒ එකම, ආත්මයාණන්වහන්සේ ය.


ස්වාමින්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කතා කොට, “නැගිට, දකුණු දෙසට, යෙරුසලමේ සිට ගාසා දක්වා දිවෙන මාවතට යන්නැ” යි කීවේ ය. එය කාන්තාර මාවතකි.


ආපසු ගම-රට බලා යමින් සිටියේ ය. මේ අවස්ථාවේ ඔහු සිටියේ තම රථයේ හිඳ, දිවැසිවර යෙසායාගේ ශුද්ධ ලියවිල්ල කියවමින් ය.


එවිට රථය ළඟට දිවූ පිලිප්ට ඒ මිනිසා දිවැසිවර යෙසායාගේ ලියවිල්ලෙන් කියවනවා ඇසිණි. “ඔබ කියවන දේ ඔබට වැටහෙනවා දැ?” යි පිලිප් ඔහුගෙන් ඇසී ය.


ඔවුන් දියෙන් ගොඩ ආ කල, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ හදිසියේම පිලිප් වෙනතක ගෙන ගිය සේක. නපුංසක නිලධාරියාට තවත් පිලිප් දක්නට ලැබුණේ නැතත්, ඔහු ප්‍රීතියෙන් යුතුව තම ගමන ගියේ ය.


එබැවින් ඔවුහු එතැනින් බැහැරව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇතිව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මඟින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි:


එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ පවසන පරිදි: “අද ඔබ, උන්වහන්සේගේ කටහඬ අසනවා නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්