මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න; ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත.
ක්‍රියා 16:22 - සිංහල කාලීන පරිවර්තනය ඔවුන්ට පහර දීමට සමූහයා ද එක් වූහ. එවිට ඔවුන් දෙදෙනාගේ හැඳිවත් ඉරා, ඔවුන් කෝටු මස් කරන ලෙස විනිසුරුවෝ නියෝග කළහ. Sinhala New Revised Version එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. Sinhala New Revised Version 2018 එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. Sinhala Revised Old Version එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගුටුණෝය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාදමා, ඔවුන්ට කෝටුවලින් තළන්ට අණකළෝය. |
මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න; ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත.
ඉන්පසු ඔවුනට බරබ්බස් නිදහස් කර දුන් පිලාත්, යේසුස්වහන්සේට තලවා, කුරුසියේ ඇණ ගසන්නට බාර දුන්නේ ය.
“සිනගෝග ඉදිරියටත්, පාලකයින් හා අධිපතීන් ඉදිරියටත් ඔබ පමුණුවනු ලැබූ කල, නිදහසට කරුණු දක්වන්නේ කෙසේ ද කියා හෝ කිව යුත්තේ කුමක් ද කියා හෝ කනස්සලු නො වන්න.
එහෙත් පාවුල් ඔවුන්ට පිළිතුරු දෙමින්, “අප රෝම පුරවැසියන්ව සිටියදීත්, නඩු විභාගයකින් තොරව, ඔවුන් අපට ප්‍රසිද්ධියේම තැලුවා; සිරගෙයි ද දැමුවා. දැන් ඔවුන්ට උවමනා වී ඇත්තේ හොර රහසේම අප නිදහස් කර හරින්නට ද? නෑ; එහෙම බැහැ; ඔවුන්ම ඇවිත් අප පිටතට ගෙන ගියා වේ” යි කීවේ ය.
එහෙත් යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් යුතුව, මඟ තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ.
එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,
ඔහුගේ උපදෙස පිළිගනු ලැබිණි. ඉන්පසු අපෝස්තුලුවරුන් යළි කැඳවූ ඔවුහු ඔවුන්ට කස පහර දී, යේසුස්වහන්සේගේ නාමයෙන් මින් මතු කතා නො කරන ලෙස නියෝග කොට, ඔවුන් යන්නට හැරියහ.
පහර කනු ලැබීමෙනි; සිරගතවීම්වලිනි; කෝලාහලවලිනි; වෙහෙසීමෙනි; නිදි නැති රෑවලිනි; කුස ගින්නෙනි;
ඔබ දන්නා පරිදි කලින් පිලිප්පියේදී හිංසා හා නිග්‍රහ විඳිනට අපට සිදු වුවත්, අපගේ දෙවියන්වහන්සේගේ උපකාරයෙන් දැඩි විරෝධතා මැද වුව ද දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නට අපට ධෛර්යය තිබුණි.
“පාපයට අප මැරී, ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් ගස පිටදී අපගේ පාප දරාගත් සේක. උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුව කරනු ලැබ ඇත.”