එසේ නම් අපටවත්, අපේ පියවරුනටවත් දැරිය නො හැකි වූ බර වියගහක් මේ ගෝලයින්ගේ ගෙල මත පැටවීමෙන් දෙවියන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ වෙර දරන්නේ ඇයි?
ක්‍රියා 15:19 - සිංහල කාලීන පරිවර්තනය “එබැවින් මගේ තීන්දුව නම්, දෙවියන්වහන්සේ වෙත හැරෙන අන්‍ය-ජාතීන් හට අසීරුතා ඇති නො කළ යුතු බවයි. Sinhala New Revised Version “එබැවින් මාගේ නිගමනය නම්; විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නන්ට තවත් හිරිහැර නොකොට, Sinhala New Revised Version 2018 “එබැවින් මාගේ නිගමනය නම්; විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නන්ට තවත් හිරිහැර නොකොට, Sinhala Revised Old Version එබැවින් අන්‍යජාතීන් අතරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නන් චංචල නොකර, |
එසේ නම් අපටවත්, අපේ පියවරුනටවත් දැරිය නො හැකි වූ බර වියගහක් මේ ගෝලයින්ගේ ගෙල මත පැටවීමෙන් දෙවියන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ වෙර දරන්නේ ඇයි?
අපගේ අනුමැතියක් නො මැතිව අප වෙතින් පැමිණි ඇතමකු, යම් යම් දේ පවසමින් ඔබ කලඹා, ඔබ සිත් අවුල් කළ වග අපට අසන්නට ලැබිණි.
පහත සඳහන් නියමයන්ට අමතරව අන් කිසි බරක් ඔබට පැටවිය යුතු නැති වග යහපත් යයි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය.
ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ, අන්‍ය-ජාතීන් අතර වෙසෙන සියලු යුදෙව්වන්ට ඔවුන්ගේ දරුවන් චර්මඡේද කළ යුතු නැතැයි ද අපේ චාරිත්‍ර පිළිපැදිය යුතු නැතැයි ද කියමින් මෝසෙස්ගේ නීතියෙන් ඉවත හැරෙන ලෙස ඔබ ඔවුන්ට උගන්වන බවයි.
අන්‍ය-ජාතික ඇදහිලිවතුන් සම්බන්ධයෙන් නම්, පිළිමවලට පිදූ ආහාරවලින් ද ලෙයින් ද ගෙල මිරිකා මැරූ සතුන්ගේ මසින් ද ලිංගික අනාචාරයෙන් ද ඔවුන් වැළකී සිටිය යුතු බවට අප කළ තීරණය, අප ඔවුන්ට ලියා යවා ඇතැ” යි කීහ.
පළමුව දමස්කයේ සිටින්නන්ටත්, ඉන්පසු යෙරුසලමෙහි හා යුදය රට මුළුල්ලෙහි ද සිටින්නන්ටත්, එසේම විදේශීන්ටත් දේශනා කරමින්, ඔවුන් පසුතැවිලි විය යුතු වගත්, එසේ පසුතැවිලි වූ වග තම ක්‍රියා කලාපය තුළින් පෙන්විය යුතු වගත් ප්‍රකාශ කළෙමි.
ප්‍රශ්නය පැන නැගුණේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප භුක්ති විඳින නිදහස ගැන ඔත්තු බලා, වහලුන් බවට අප පැමිණවීමේ අරමුණින්, හොර රහසේ අප අතරට රිංගා ගත් ව්‍යාජ සහෝදරයින් හේතුවෙනි.
මන්ද ඔබ කෙලෙස අප පිළිගත්තේ ද ජීවමාන වූ සත්‍යයම දෙවියන්වහන්සේට මෙහෙ කරන පිණිස පිළිම රූප වෙතින් ඔබ කෙලෙස දෙවියන්වහන්සේ වෙත හැරුණේ ද