සිදු වූ දේ දුටු පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ල වැලඳ ගත්තේ ය. මන්ද ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔහු විස්මපත් විය.
ක්‍රියා 13:7 - සිංහල කාලීන පරිවර්තනය ඔහු පළාත් ආණ්ඩුකාර සර්ගියස් පවුලස් සමඟ වූ කෙනෙකි. බුද්ධිමතකු වූ එම පළාත් ආණ්ඩුකරු දෙවියන්වහන්සේගේ වචනය ඇසීමේ රිසියෙන් බාර්ණබස් හා සාවුල් තමන් වෙත කැඳවී ය. Sinhala New Revised Version ඔහු සිටියේ බුද්ධිමත් මිනිසෙකු වූ සර්ගියස් පාවුලස් නම් දේශාධිපතියා සමඟ ය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමැති විය. Sinhala New Revised Version 2018 ඔහු සිටියේ බුද්ධිමත් මිනිසෙකු වූ සර්ගියස් පාවුලස් නම් දේශාධිපතියා සමඟ ය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමැති විය. Sinhala Revised Old Version ඔහු බුද්ධිමත් මනුෂ්‍යයෙක්වූ සර්ගියස් පාවුලස් නම් අධිපතියා සමඟ සිටියේය. ඒ අධිපති තෙමේ බාර්ණබස් සහ සාවුල් කැඳවාගෙන, දෙවියන්වහන්සේගේ වචනය අහන්ට ආශාවුණේය. |
සිදු වූ දේ දුටු පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ල වැලඳ ගත්තේ ය. මන්ද ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔහු විස්මපත් විය.
එහෙත් මායාකාර එලීමස්, (ඔහුගේ නමේ අරුත එය ය) ඔවුන්ට විරෝධය පාමින්, පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ලෙන් වැළැක්වීමට වෙර දැරී ය.
එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,
දෙමිත්‍රියස් හා ඔහුගේ මිත්‍ර කර්මාන්තකරුවන් අත යම් කෙනකුට විරුද්ධව යම් පැමිණිල්ලක් ඇත්නම්, ඒ සඳහා උසාවි යා හැකියි; නඩු විසඳන බලධරයින් සිටී. තම පැමිණිලි කරන්නට ඔවුන්ට පුළුවන්.