ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 11:6 - සිංහල කාලීන පරිවර්තනය

එකල විපරමින් එදෙස බැලූ මා දුටුවේ පොළොවේ වෙසෙන සීපාවුන්, වන මෘගයින් හා උරගයින් ද අහස් පක්ෂීන් ද එහි සිටින වගයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා එය සෝදිසියෙන් බැලූ විට, පොළොවේ සිවුපාවුන් ද වන මෘගයන් ද උරග ජාතීන් ද ආකාශ පක්ෂීන් ද දිටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා එය සෝදිසියෙන් බැලූ විට, පොළොවේ සිවුපාවුන් ද වන මෘගයන් ද උරග ජාතීන් ද ආකාශ පක්ෂීන් ද දිටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ දෙස මාගේ ඇස් යොමා කල්පනාකළ විට, පොළොවේ සිවුපාවුන්ද වන මෘගයන්ද බඩගාන ජාතීන්ද ආකාශ පක්ෂීන්ද දුටිමි.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 11:6
6 හුවමාරු යොමු  

උන්වහන්සේ යළිත් ඔහුගේ ඇස් මත අත තැබූ සේක. එවිට ඔහුගේ ඇස් ඇරී, ඕනෑකමින් බැලූ ඔහු පෙනීම ආපසු ලැබ, සියල්ල පැහැදිලි ලෙස දැක්කේ ය.


ඉන්පසු උන්වහන්සේ ලියවිල්ල අකුළා බාරකරු අතට දී අසුන් ගත් සේක. සිනගෝගයේ සියල්ලන්ගේ ඇස් යොමු වී තිබුණේ උන්වහන්සේ වෙත ය.


සියලු වර්ගයේ සිවුපාවුන්, පොළොවේ උරගයින් හා අහස් පක්ෂීහු එහි වූහ.


“යොප්පා නුවරදී මම යාච්ඤා කරමින් සිටියදී, දැහැන් ගතව දර්ශනයක් දුටුවා. විශාල රුවලක් වැනි යමක් එහි සිවු කොනින් අහසේ සිට පහත් කරනු මා දුටුවා. එය මා අසලටම පහත් වුණා.


එවිට, ‘පේතෘස් නැගිට, මරා කන්නැ’ යි මා අමතන කටහඬක් මට ඇසුණා.


පේතෘස්, යොහන් සමඟ එක එල්ලේ ඔහු දෙස බලා, ඔහු අමතමින් “බලන්න, මෙහෙ අප දිහා” යි කීවේ ය.