Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 11:6 - Sinhala Revised Old Version

6 ඒ දෙස මාගේ ඇස් යොමා කල්පනාකළ විට, පොළොවේ සිවුපාවුන්ද වන මෘගයන්ද බඩගාන ජාතීන්ද ආකාශ පක්ෂීන්ද දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මා එය සෝදිසියෙන් බැලූ විට, පොළොවේ සිවුපාවුන් ද වන මෘගයන් ද උරග ජාතීන් ද ආකාශ පක්ෂීන් ද දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 එකල විපරමින් එදෙස බැලූ මා දුටුවේ පොළොවේ වෙසෙන සීපාවුන්, වන මෘගයින් හා උරගයින් ද අහස් පක්ෂීන් ද එහි සිටින වගයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මා එය සෝදිසියෙන් බැලූ විට, පොළොවේ සිවුපාවුන් ද වන මෘගයන් ද උරග ජාතීන් ද ආකාශ පක්ෂීන් ද දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 11:6
6 හුවමාරු යොමු  

පොත අකුළා සේවකයාට දී, වැඩහුන්සේක. එකල සිනගෝගයෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි ඇස් හෙළාගෙන සිටියෝය.


පේතෘස් යොහන් සමඟ ඔහු දෙස ඇස් හෙළා: අප දෙස බලන්නැයි කීවේය


එවිට උන්වහන්සේ ඔහුගේ ඇස් පිට නැවත අත් තැබූසේක; ඔහු ස්ථිරලෙස බලා, සුවය ලැබ, සියල්ල පැහැදිලිලෙස දුටුවේය.


පොළොවේ සියලු ආකාර සිවුපාවෝද බඩගාන ජාතීහුද ආකාශයේ පක්ෂීහුද එහි සිටියෝය.


මම යොප්පා නුවර යාච්ඤාකරමින් සිටි කල මූර්ඡාවූයෙම්, සතර කොනෙන් අහසෙන් බස්වනලද මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් බැස එනවා දර්ශනයෙන් දුටිමි; ඒක මා ළඟටම පැමිණියේය.


පේතෘස්, නැගිට මරා කන්නැයි මට කියන ශබ්දයකුත් ඇසීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්