ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
ක්‍රියා 11:18 - සිංහල කාලීන පරිවර්තනය පේතෘස්ගේ එම කතාව ඇසූ පසු, ඔවුන්ගේ විරෝධතා නැවතිණි. “එසේ නම් ජීවනය පිණිස වූ පසුතැවිල්ල දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන්ටත් අනුමත කළ සේකැ” යි කියමින් ඔවුහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. Sinhala New Revised Version ඔව්හු ඒ අසා නිහඬ වූ හ. “එසේ නම් විජාතීන්ටත් දෙවියන් වහන්සේ ජීවනය සලසන පසුතැවී සිත් හරවා ගැනීමක් දුන් සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. Sinhala New Revised Version 2018 ඔව්හු ඒ අසා නිහඬ වූ හ. “එසේ නම් විජාතීන්ටත් දෙවියන් වහන්සේ ජීවනය සලසන පසුතැවී සිත් හරවා ගැනීමක් දුන් සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. Sinhala Revised Old Version ඔව්හු ඒ අසා, නිශ්ශබ්දවී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: එසේවී නම් දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ටත් ජීවනය පිණිස වූ පශ්චාත්තාපය දුන්සේකැයි කීවෝය. |
ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
අන්‍ය-ජාතිකයින් ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගැනීමේ පුවත අපෝස්තුලුවරුනට ද යුදය පුරා සිටින සහෝදරයිනට ද සැල විය.
එහි ළඟා වූ ඔවුහු එහි සභාව රැස් කරවා, දෙවියන්වහන්සේ විසින් තමන් ලවා කරවන ලද සියල්ල ද ඇදහිල්ල කරා අන්‍ය-ජාතීන්ට මගක් හෙළිකර දුන් අයුරු ද විස්තර කළහ.
සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලටම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.
ඔවුහු ඒ අසා, දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ. ඉන්පසු පාවුල් ඇමතූ ඔවුහු, “සහෝදරය, කොපමණ දහස් ගණනක් යුදෙව් ජාතිකයින් අදහාගෙන ඇත්දැයි ඔබට පෙනේ. ඔවුන් සැවොම දහම් නීති උද්යෝගයෙන් සිටින අයයි.
එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතුගා දැමෙන පිණිසත්, නව ප්‍රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්,
දෙවියන්වහන්සේ, ස්වකීය සේවකයා නැගිටුවා දී, මුලින්ම එවන ලද්දේ ඔබ වෙතටයි. එසේ කළේ ඔබ හැම කෙනකුම ඔබේ දුෂ්ට මාර්ගවලින් හැරවීමෙන් ඔබට ආශිර්වාද කරනු පිණිස යැ” යි පැවසී ය.
ඉශ්‍රායෙල් ජනයාට පසුතැවිල්ලත්, පාප කමාවත් දෙන පිණිස උන්වහන්සේ අධිපතියාණන් ද ගැලවුම්කරුවාණන් ද කොට දෙවියන්වහන්සේ ස්වකීය දකුණු පසට උන්වහන්සේ උසස් කළ සේක.
එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මඟින් ලැබෙන ධර්මිෂ්ඨකම ය.
එබැවින්, අපි සැවොම වැස්මෙන් තොර මුහුණින් ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතක් සේ පිළිබිඹු කරමින්, උන්වහන්සේගේ ස්වරූපයට තේජසින් තේජසට වෙනස් කරනු ලබන්නෙමු. එසේ වන්නේ ස්වාමින්වහන්සේ වන ආත්මයාණන්වහන්සේ වෙතිනි.
මන්ද දේව කැමැත්තට අනුකූල වූ ශෝකය, කණගාටුවට හේතුවක් නො වන්නා වූ ගැලවීමට මං සලසන පසුතැවිල්ල උපදවයි. එහෙත්, ලෞකික ශෝකය මරණය උපදවයි.