ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 10:32 - සිංහල කාලීන පරිවර්තනය

පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවා යොප්පා වෙත පණිවුඩ යවන්න. මුහුද අද්දර, සම් පදම් කරන සීමොන්ගේ නිවසේ ඔහු නැවතී සිටී’ යි කීවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම්ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන්ගෙන සිටීයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 10:32
13 හුවමාරු යොමු  

ඔවුහු කායාපස්ගේ ගෘහය වෙතින් ආණ්ඩුකාර මැදුර වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. ඒ හිමිදිරි උදයයි. පාස්කුව වැළඳීමට හැකි වන පිණිස අපවිත්‍ර නො වන්නට ඔවුහු ආණ්ඩුකාර මැදුරට ඇතුළු නො වූහ.


එවිට සමාරීය ස්ත්‍රිය, “යුදෙව්වකු වූ ඔබ, සමාරීය ළඳක් වන මගෙන් වතුර ඉල්ලන්නේ කොහොම දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවා ය. (ඒ, එකල යුදෙව්වන්, සමාරියයන් හා ඇයි-හොඳයියක් නො පැවැත්වූ බැවිනි.)


ඔහු කතා කරමින්, ‘කොර්නේලියස්, දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤා ඇසූ සේක; ඔබේ දාන ද සිහි කළ සේක.


එබැවින් මා නො පමාව ඔබට පණිවුඩ යැව්වා; ඔබ ආ එක කොතරම් හොඳ ද! ඉඳින් අපට පවසන්නට ස්වාමින්වහන්සේ ඔබට අණ කළ සියල්ල ඇසීමට අප හැමෝම දැන් මෙහි දෙවියන්වහන්සේ ඉදිරියේ සිටිනවා” යි කීවේ ය.


එබැවින් දැන් යොප්පා වෙත පණිවුඩ යවා, පේතෘස් නමින් හැඳින්වෙන සීමොන් නැමැත්තා කැඳවන්න.


ඔබටත්, ඔබ ගෙයි වැසියන් හැමටත් ගැලවීම සලසන පුවතක් ඔහු ඔබ වෙත ගෙනෙනු ඇතැ’ යි පැවසූ අයුරුත් අපට විස්තර කළා.


“ඔබ චර්ම-අඡේදිත මිනිසුන් වෙත ගොස්, ඔවුන් සමඟ කෑවේ යැ” යි චෝදනා කළහ.


දිගු විවාදයකින් පසු පේතෘස් ඔවුන් අමතන්නට නැගී සිටියේ ය. “සහෝදරවරුනි අන්‍ය-ජාතීන් මා මුවින් ශුභාරංචි පණිවුඩය අසා අදහා ගනු පිණිස, දෙවියන්වහන්සේ කලකට ඉහතදී ඔබ අතරින් මා තෝරාගත් හැටි ඔබ දන්නවා.


රාත්‍රියේ පාවුල් දර්ශනයක් දිටී ය. මකිදෝනියෙහි වැසියකු සිටගෙන, “මකිදෝනිය වෙත අවුත් අපට උපකාර කරන්නැ” යි උදක්ම ඉල්ලනු ඔහුට පෙනිණි.


පේතෘස් දවස් කීපයක් සම් පදම් කරන්නකු වූ සීමොන් සමඟ යොප්පාහි නතරව සිටියේ ය.


“දැන් නැගිට පුරවරයට යන්න. ඔබ විසින් කළ යුතු දෑ එහිදී ඔබට දන්වනු ඇතැ” යි පැවසූහ.