Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 10:32 - Sinhala New Revised Version 2018

32 එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවා යොප්පා වෙත පණිවුඩ යවන්න. මුහුද අද්දර, සම් පදම් කරන සීමොන්ගේ නිවසේ ඔහු නැවතී සිටී’ යි කීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 එබැවින් යොප්පාවට මනුෂ්‍යයන් යවා, පේතෘස් නම්ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන්ගෙන සිටීයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 10:32
13 හුවමාරු යොමු  

සමාරීය ස්ත්‍රිය ද, “ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි.


එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ.


‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය;


එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.


“ඔබ අචර්මඡේදිත මිනිසුන් වෙතට ගොස් ඔවුන් සමඟ කෑම කෑවේ මන් දැ”යි ඇසූ හ.


අපි ද ඔබට ඕනෑ හැටියට ලෙබනොන් සිට ලී කපා, ඒවා පහුරු බැඳ, මුහුදෙන් ජොප්පාවට ගෙනවුත් ඔබට දෙන්නෙමු. එවිට ඔබට ඒවා ජෙරුසලමට ගෙන්වා ගත හැකි ය”යි ද දැන්වී ය.


‘එන්න, අපි සමිඳුන්ගේ කන්දට යමු; ජාකොබ්ගේ දෙවිඳුන්ගේ මාලිගාවට යමු. එවිට ස්වකීය මාර්ගය ගැන එතුමාණන් අපට උගන්වනු ඇත: අපි ද එතුමාණන්ගේ මාර්ගවල ගමන් කරන්නෙමු’යි කියන්නෝ ය. මන්ද, සමිඳුන්ගේ නීතිය සියොන් කන්දෙන් ද එතුමාණන්ගේ ඉගැන්වීම ජෙරුසලමෙන් ද නිකුත් වන්නේ ය.


නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය.


පේදුරු, සීමොන් නම් සම් පදම් කරන්නෙකු සමඟ කීප දවසක් ජොප්පාවෙහි නැවතී සිටියේ ය.


ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න.


ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේ ද, ගැළවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ ය’යි තමාට කී හැටිත් අපට දැන්වී ය.


දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, “සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.


එහි දී පාවුලු රාත්‍රියෙහි දර්ශනයක් දුටුවේ ය; එනම්: “මසිදෝනියට අවුත් අපට ආධාර කරන්නැ”යි මසිදෝනියේ මනුෂ්‍යයෙක් නැඟිට සිට ඔහුගෙන් අයැදී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්