යමකු ඔවුනට අනතුරු කරන්නට යන්නේ නම්, ඔවුන්ගේ මුවින් ගිනි වැගිර, ඔවුන්ගේ සතුරන් දවා දැමේ; ඔවුන්ට අනතුරු කරන්නට සොයන්නවුන් එලෙස මරා දමනු ලැබිය යුතු වේ.
එළිදරව් 9:17 - සිංහල කාලීන පරිවර්තනය මගේ දර්ශනයෙන් මා දුටු අශ්වයින් හා අසරුවන් මා දැක්කේ මෙසේ ය: ඔවුන්ගේ ළය වැසුම් ගිනි, ඉඳුනිල් හා ගෙන්දගම් යන පැහැයෙන් යුතු විණි. අශ්වයින්ගේ හිස්, සිංහ හිස් හා සමාන විය. උන්ගේ කටින් ගිනි, දුම් හා ගෙන්දගම් පිටව ආවේ ය. Sinhala New Revised Version මෙසේ අශ්වයන් ද උන් පිට හුන් අය ද මම දර්ශනයෙන් දිටිමි. ඔව්හු ගිනි ද නිල් කැට ද ගෙන්දගම් ද පැහැති ළය වැසුම් පැළඳ සිටියහ. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වැනි ය. උන්ගේ කටින් ගිනි ද දුම් ද ගෙන්දගම් ද නික්මිණි. Sinhala New Revised Version 2018 මෙසේ අශ්වයන් ද උන් පිට හුන් අය ද මම දර්ශනයෙන් දිටිමි. ඔව්හු ගිනි ද නිල් කැට ද ගෙන්දගම් ද පැහැති ළය වැසුම් පැළඳ සිටියහ. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වැනි ය. උන්ගේ කටින් ගිනි ද දුම් ද ගෙන්දගම් ද නික්මිණි. Sinhala Revised Old Version මෙසේ අශ්වයන්ද උන් පිට හුන් අයද දර්ශනයෙන් දුටිමි, ගිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාරවූ ළයවැසුම් ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය; උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය. |
යමකු ඔවුනට අනතුරු කරන්නට යන්නේ නම්, ඔවුන්ගේ මුවින් ගිනි වැගිර, ඔවුන්ගේ සතුරන් දවා දැමේ; ඔවුන්ට අනතුරු කරන්නට සොයන්නවුන් එලෙස මරා දමනු ලැබිය යුතු වේ.
දෙවියන්වහන්සේගේ කෝපයේ කුසලාන අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහසේ මිදි යුෂ ඔහු ද බොනු ඇත. ශුද්ධ දේව දූතයින් ඉදිරියේ හා බැටළු පැටවාණන් ඉදිරියේ, ගින්නෙන් හා ගෙන්දගමින් ඔහුට වධ දෙනු ඇත.
එහෙත් මෘගයා අල්ලා ගනු ලැබිණ. තවද මෘගයාගේ සලකුණ ලැබූ හා උගේ පිළිරුවට නමස්කාර කළවුන් රවටමින් මෘගයා ඉදිරියේ ඌ වෙනුවෙන් හාස්කම් ලකුණු පෑ බොරු දිවැසිවරයා ද අල්ලා ගනු ලැබිණි. ඔවුහු දෙදෙනා පණ පිටින්ම ඇවිළෙන ගෙන්දගමින් යුතු නිරාගිනි විලට හෙළනු ලැබූහ.
ඔවුන් මුළා කළ යක්ෂයා වනාහි මෘගයා හා බොරු දිවැසිවරයා ද සිටින ඇවිළෙන ගෙන්දගම් හා ගිනි විලට හෙළා දමනු ලැබිණි. සදහට ම, සදාතනිකව දිවා රෑ දෙක්හි ඔවුන් වධයට පත් කෙරේ.
පස්වැන්න නඛමිණෙනි. සවැන්න ලෝහිතංකයෙනි. සත්වැන්න රන් කාන්තියෙනි. අටවැන්න වෛදූර්යයෙනි. නවවැන්න පුෂ්පරාගයෙනි. දසවැන්න ගෝමේදයෙනි. එකොළොස්වැන්න පද්මරාගයෙනි. දොළොස්වැන්න අඹතේස්තයෙනි.
එහෙත් බියසුල්ලන්, අවිශ්වාසිකයින්, පිළිකුල්කම් කරන්නන්, මිනීමරුවන්, ලිංගික අපචාරීන්, මන්තර ගුරුකම්කරුවන්, පිළිම රූප වඳින්නන් හා සියලු බොරුකරුවන් යන අයට හිමි තැන, ඇවිළෙන ගෙන්දගමින් යුත් ගිනි විලයි. එය දෙවන මරණය යැ” යි පැවසූ සේක.
ඔවුන්ගේ මුවින් නික්මුණු ගිනි, දුම් හා ගෙන්දගම් යන පීඩා තුනෙන්, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමනු ලැබිණි.
යකඩ ළය වැසුම් වැනි ළය වැසුම් උන්ට තිබිණි. උන් පියාසලන හඬ, බොහෝ අශ්වයින් හා අශ්ව රථ යුද්ධයට කඩා වදින හඬට සමාන විණි.