Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 9:18 - සිංහල කාලීන පරිවර්තනය

18 ඔවුන්ගේ මුවින් නික්මුණු ගිනි, දුම් හා ගෙන්දගම් යන පීඩා තුනෙන්, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමනු ලැබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 උන්ගේ කටින් නික්මුණු ගිනි ද දුම් ද ගෙන්දගම් ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 උන්ගේ කටින් නික්මුණු ගිනි ද දුම් ද ගෙන්දගම් ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 9:18
9 හුවමාරු යොමු  

මගේ දර්ශනයෙන් මා දුටු අශ්වයින් හා අසරුවන් මා දැක්කේ මෙසේ ය: ඔවුන්ගේ ළය වැසුම් ගිනි, ඉඳුනිල් හා ගෙන්දගම් යන පැහැයෙන් යුතු විණි. අශ්වයින්ගේ හිස්, සිංහ හිස් හා සමාන විය. උන්ගේ කටින් ගිනි, දුම් හා ගෙන්දගම් පිටව ආවේ ය.


එබැවින් මෙම පැය සඳහාම, මෙම දවස, මෙම මාසය, මෙම වසර සඳහාම සූදානම් කර තබන ලද එම දූතයින් සතර දෙනා, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමන පිණිස, මුදා හරින ලදහ.


පළමු දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ලේ මිශ්‍ර ගල් වැස්සක් හා ගිනි හටගැනී, ඒවා පොළොව පිටට හෙළනු ලැබී ය. එයින්, පොළොවෙන් තුනෙන් එකක් දවා දැමිණ. ගස්වලින් තුනෙන් එකක් දවා දැමිණ. අමු තණකොළ සියල්ල ද දවා දැමිණ.


දෙවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ගිනි ඇවිළෙන යෝධ කන්දක් වැනි යමක් මුහුදට හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් එකක් ලෙයට හැරිණ.


මුහුදෙහි පණ ඇති සතුන්ගෙන් තුනෙන් එකක් මළහ. නැව්වලින් තුනෙන් එකක් විනාශ කෙරිණ.


තුන් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට මහත් තරුවක් ගිනි හුළක් සේ ඇවිළෙමින්, ගංගාවල තුනෙන් එකක් පිට ද දිය උල්පත් පිට ද අහසේ සිට කඩා වැටිණ.


ඒ තරුවේ නම තික්ත ය. ජලයෙන් තුනෙන් එකක් ඉන් තිත්ත විණි. තිත්තව තිබූ ඒ ජලයෙන් බොහෝ දෙනා මළහ.


සිවුවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් එකකට ද සඳුගෙන් තුනෙන් එකකට ද තරුවලින් තුනෙන් එකකට ද පහර දෙනු ලැබී ය. එසේ වූයේ ඒවායින් තුනෙන් එකක් අඳුරු වන පිණිසත්, දහවලෙන් තුනෙන් එකක් නො බබළන පිණිස හා රැයෙන් තුනෙන් එකකට එයම වන පිණිසත් ය.


අශ්වයින්ගේ බලය තිබුණේ, උන්ගේ කටවල හා වල්ගාවල ය. මන්ද උන්ගේ වලිග හිස් සහිත සර්පයින්ට සමාන විණි. උන් තුවාල කළේ ඒවායිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්