එළිදරව් 9:15 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් මෙම පැය සඳහාම, මෙම දවස, මෙම මාසය, මෙම වසර සඳහාම සූදානම් කර තබන ලද එම දූතයින් සතර දෙනා, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමන පිණිස, මුදා හරින ලදහ. Sinhala New Revised Version එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරන පිණිස දූතයෝ සතර දෙනා මුදනු ලැබුවෝ ය. ඒ සඳහා මේ අවුරුද්දේ, මේ මාසයේ, මේ දවසේ, මේ පැයේ ක්‍රියා කරන පිණිස ඔව්හු සූදානම් කරනු ලැබ සිටියහ. Sinhala New Revised Version 2018 එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරන පිණිස දූතයෝ සතර දෙනා මුදනු ලැබුවෝ ය. ඒ සඳහා මේ අවුරුද්දේ, මේ මාසයේ, මේ දවසේ, මේ පැයේ ක්‍රියා කරන පිණිස ඔව්හු සූදානම් කරනු ලැබ සිටියහ. Sinhala Revised Old Version එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම්කරනු ලැබ සිටි ඒ දූතයන් සතරදෙනා මුදනු ලැබුවෝය. |
තුන් වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට මහත් තරුවක් ගිනි හුළක් සේ ඇවිළෙමින්, ගංගාවල තුනෙන් එකක් පිට ද දිය උල්පත් පිට ද අහසේ සිට කඩා වැටිණ.
පළමු දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ලේ මිශ්‍ර ගල් වැස්සක් හා ගිනි හටගැනී, ඒවා පොළොව පිටට හෙළනු ලැබී ය. එයින්, පොළොවෙන් තුනෙන් එකක් දවා දැමිණ. ගස්වලින් තුනෙන් එකක් දවා දැමිණ. අමු තණකොළ සියල්ල ද දවා දැමිණ.
දෙවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ගිනි ඇවිළෙන යෝධ කන්දක් වැනි යමක් මුහුදට හෙළනු ලැබී ය. මුහුදින් තුනෙන් එකක් ලෙයට හැරිණ.
ගෝනුස්සන්ට මෙන් වල්ගා හා දළ උන්ට තිබිණි. පස් මසක් මිනිසුන්ට හිංසා කරන්නට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවල ය.
ඔවුන්ගේ මුවින් නික්මුණු ගිනි, දුම් හා ගෙන්දගම් යන පීඩා තුනෙන්, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමනු ලැබිණි.
පස් මසක් ඔවුන්ට වධ දෙන්නට උන්ට අවසර ලැබිණ; එහෙත් මිනිසුන් මරන්නට නො වේ; ඔවුන් විඳි වේදනාව ගෝනුස්සකු මිනිසකුට දෂ්ට කළ විට දැනෙන වේදනාව බඳු විය.