දැඩි උෂ්ණත්වයෙන් යුතුව හිරු උදා වූ කල, පැළෑටි වියළෙයි. එවිට මල් හැලී එහි ලස්සන පෙනුම නැති වී යයි. ධනවතා ද තම ක්‍රියා මාර්ග අතරේම එලෙසින්ම මැලවී යයි.
එළිදරව් 8:7 - සිංහල කාලීන පරිවර්තනය පළමු දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට ලේ මිශ්‍ර ගල් වැස්සක් හා ගිනි හටගැනී, ඒවා පොළොව පිටට හෙළනු ලැබී ය. එයින්, පොළොවෙන් තුනෙන් එකක් දවා දැමිණ. ගස්වලින් තුනෙන් එකක් දවා දැමිණ. අමු තණකොළ සියල්ල ද දවා දැමිණ. Sinhala New Revised Version පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය. Sinhala New Revised Version 2018 පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය. Sinhala Revised Old Version පළමුවෙනියා පිම්බේය, එවිට ලෙයින් මිශ්‍රවූ ගල්වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේය. පොළොවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේය, ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියේය, සියලු අමු තණකොළද දාලාගියේය. |
දැඩි උෂ්ණත්වයෙන් යුතුව හිරු උදා වූ කල, පැළෑටි වියළෙයි. එවිට මල් හැලී එහි ලස්සන පෙනුම නැති වී යයි. ධනවතා ද තම ක්‍රියා මාර්ග අතරේම එලෙසින්ම මැලවී යයි.
මන්ද, “සියලු මාංසිකයින් තණකොළ මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණකොළ වියළෙයි. මල් පරව වැටෙයි.
උගේ වලිගය, අහසේ තරුවලින් තුනෙන් එකක් ඇද, පොළොවේ හෙළී ය. ඇගේ දරුවා බිහිවූ කෙණෙහි ඔහු ගිල දමන පිණිස මකරා, දරු ප්‍රසූතියට ළංව සිටි ස්ත්‍රිය ඉදිරියේ රැක සිටියේ ය.
එබැවින් පළමු දේව දූතයා ගොස්, තම පාත්‍රය පොළොව පිට වැගිරවී ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ, උගේ පිළිමයට නමස්කාර කළවුන් පිට පිළිකුල්, වේදනාකාරී වණ හට ගැනිණි.
මහ ගල් වැස්සක් අහසේ සිට මිනිසුන් මත පතිත විය. ඒ එක ගලක් තලෙන්තයක් පමණ බර ය. එම ගල් වැසි වසංගතය හේතු කොට ඔවුහු දෙවියන්වහන්සේට ශාප කළහ. ඒ වසංගතය ඒ සා සැහැසි විණි.
මා බැලූ කල, මෙන්න! සුදුමැලි අශ්වයෙක්; අසරුවාගේ නම මරණය ය. හේදිසිය, ඔහු පස්සේ ගියේ ය. කඩුවෙන්, සාගතයෙන්, වසංගතයෙන් හා පොළොවේ වන මෘගයින් මඟින් පොළොවෙන් හතරෙන් එකක් මරා දමන්නට ඔවුනට බලය දෙන ලදී.
මින් පසුව, පොළොවේ හතර කොනේ සිටගෙන සිටි දේව දූතයින් හතර දෙනකු, ගොඩබිමට හෝ මුහුදට හෝ කිසි ගසකට හෝ නො වදින ලෙස පොළොවේ හතර සුළඟ අල්ලා, නවතාගෙන සිටිනු මම දුටුවෙමි.
එබැවින් මෙම පැය සඳහාම, මෙම දවස, මෙම මාසය, මෙම වසර සඳහාම සූදානම් කර තබන ලද එම දූතයින් සතර දෙනා, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමන පිණිස, මුදා හරින ලදහ.
ඔවුන්ගේ මුවින් නික්මුණු ගිනි, දුම් හා ගෙන්දගම් යන පීඩා තුනෙන්, මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් මරා දමනු ලැබිණි.
පොළොවේ තෘණවලට හෝ යම් පැළයකට හෝ ගසකට හෝ හානි නො කරන ලෙස, එහෙත් දෙවියන්වහන්සේගේ මුද්‍රාව තම නළල්හි නැති මිනිසුන්ට පමණක් හිංසා කරන ලෙස උන්ට කියන ලදී.